(යොහාන් භාසුර)
බත්තරමුලේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් අංශයේ ලේඛණ සහතික කිරීම සඳහා භාවිතා කරන විද්‍යුත් පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම අංශය සපයන සියලුම සහතික සේවාවන් අද (18) පෙරවරුවේ සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවූ බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සේව ද අත්හිටුවූ බවත් විද්‍යුත් පරිගණක පද්ධතිය යථා තත්වයට පත්කරමින් සිටින බවත් එම නිලධාරියා කීය.
මෙම පද්ධතිය පසුගිය සිකුරාදා අක්‍රීය වූ අතර එදින සිට එය යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව කී එම නිලධාරියා හැකි ඉක්මනින් යථා තත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
බත්තරමුල්ල විදේශ කටයුතු අමාත්‍යංශ පරිශ්‍රයට ලේඛණ සහතික කිරීම සඳහා පැමිණි ජනතාව සේවා අත්හිටුවා ඇතැයි දැනුම්දීමත් සමඟ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර ඒ හේතුවෙන් එම පරිශ්‍රයේ පිවිසුම් වසා දැමීමට පොලිසිය සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරීහූ කටයුතු කළහ.
එහිදී ජනතාව පැවසුවේ පසුගිදා සිකුරාදා (15 වැනිදා) පෝලිමේ සිට සේවාව ලබාගැනීමට සූදානම් වෙද්දී පද්ධතිය අක්‍රීය වූයේ යැයි පවසා සඳුදා පැමිණෙන ලෙස පවසා පිටත්කර හැරි බවත් මෙම තත්වය හේතුවෙන් දෙවැනි දිනටත් හැරී යෑමට සිදුවූ බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd