
(අංජුල මහික වීරරත්න සහ අමදෝරු අමරජීව)
සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය
අභිමානවත් සහ ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම වෘත්තීමයභාවය අඛණ්ඩව ආරක්ෂා කර ගත් හමුදාවක් බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය සහ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම වෙනුවෙන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේදී අද (18) පෙරවරුවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මුහුදු මාර්ගයෙන් සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් අවේක්ෂණය කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරී ඇති කාර්යභාරයද මෙහිදි සිහිපත් කළ ජනාධිපතිවරයා, ආපදා අවස්ථාවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබා දෙන පුළුල් දායකත්වයද ඇගයීමට ලක් කළේය.
‘සුරකිමු ලකඹර’ තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලාංකේය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 03 සමුද්‍රීය බලගණය මාතෘ භූමියේ ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව, ක්‍රියාන්විත විශිෂ්ටත්වය සහ මවුබිම ආරක්ෂා කිරීම පිළිබඳ අඛණ්ඩ කැපවීම අගය කරමින් ජනාධිපති වර්ණ ප්‍රදානය සිදු කෙරිණි.
ලාංකේය ගුවන සුරකිමින් දේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෙකු සාමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක් වූ අංක 66, 67 සහ 68 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව සහ 20 වන කෙඩෙට් නිලධාරිනී පාඨමාලාව හැදැරූ නිලධාරීන් නිලධාරිනියන් අධිකාරියට පත් කිරීම මෙන්ම අංක 103 වන පියාසර කෙඩෙට් නිලධාරි පාඨාමාලව හැදෑරූ නිලධාරීන් හට පියසාර නිල ලාංඡන පැලඳ වීම මෙහිදී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පාඨමාලාවේ සුවිශේෂී දක්ෂතා දැක් වූ කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් හට විශේෂ සම්මාන ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමණි, දකුණු පළාතේ ආණ්ුකාරයා සහ පධාන ලේකම් යන දෙදෙනාම නීතියට ගරැ නොකරන,සේවාදායකයින් අපහසුතාවයට පත්කරන,අධිකරණ නියෝග සහ විධානයන්ට ගරැ නොකරන දෙදෙනෙක් බව දැනුම් දී අවස්ථා දෙකකදීම ගරැ ඔබතුමා ඉතා විධිමත් පරිදි දැනුවත් කර ඇත. මම කථා කරන්නෙ ඉතා වගකීසෙක්. මේ දෙදෙනාම ඔවුන් දරමින් සිටින තනතුරැ වලට කිසිසේත්ම සුදුසු නැහැ.ඒ දෙදෙනාටම විනයක් හෝ වගකීමක් නැහැ. මම කියන්නෙ ඉතා වගකීමෙන්.
දකුණේ ආණ්ඩුකාරයා කියන්නේ එහෙම් පිටින්ම පිස්සෙක් වගේ මිනිහෙක්. ජනාධිපති සහ අගමැති කාර්යාල වලින් එවන ලිපියක් වත් මේ මනුස්සයා ගනන් ගන්නේ නැහැ. එයා පරිපාලන සේවයේ කෙනෙක් නිසා මිනිහා මොන නීතිය කඩල හරි පරිපාලන සේවයේ නිලධාරීන් ආරක්ෂා කරනවා.මෙි අයට විනයක් වගකීමක් ඇත්තේම නැහැ. පධාන ලේකම් ඇතුලු පරිපාලන සේවයේ අය වැරදි ලෙස වැටුප් අරගෙන කියල විගණන විමසුමක් පවා තියෙනවා. ඒ බව මුලු දකුණම දන්නවා. අල්ලස් එකටත් පැමිණිලි කරලා තියෙනවා. ඉදිරියේදී ආණ්ඩුව දකුණෙන් පරදින්න පවා මේ අයගේ ක්‍රියා කලාපය හේතුවෙනවා.
අම්මෝ එහෙයි. කියන කෙනා වගකීමෙන් බොරු වපුරන්න පුළුවන් එක්කෙනෙක්