
(රොමේෂ් මධුෂංඛ)
මෙවර 2020 මහමැතිවරණයේ දී ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් අතර අවතැන් වූ ඡන්ද දායකයින් 6275 දෙදෙනකු සිටින බවත් ඔවුන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර ඇති බවට වන්නි දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරී සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.
ඔහු මේ බව පවසා සිටියේ වන්නි දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරී කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වන්නි දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරී වරයා පවසා සිටියේය.
‘1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 127 ආ වගන්තිය යටතේ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීම් කරන ලද පිරිස්වලින් 6275 දෙදෙනකු සුදුසුකම් ලබා තියෙනවා. එහිදී මන්නාරම් දිස්ත්‍රීක්කයේ 5804 ක් 463 ක් වව්නියාව දිස්ත්‍රික්කයේ 5 ක් වශයෙන් අවතැන් වැසියන් වාර්තා වනවා ඔවුන්ගේ ඡන්දය ඡන්ද මධ්‍යස්ථාන 12 කදී පාවිච්චි කිරීමට නියමිතයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවතැන්, අගතිතැන් වුණු කවුරුන්ගෙන් හරි ඡන්දෙ ගන්න මොන කෙම්මුරයක් හරි අල්ලනවා. ඊට පස්සේ ඉතින් සලකා බලන්නම්...
යුද්ධය අවසන් වී වසර 10ක් ගතවී ඇතත් තවමත් අවතැන් වූවන් සිටීම ගැන ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප ලැජ්ජා විය යුතුයි.