IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වෙන්නප්පුවේ වෙඩිතැබීමක් :අයෙක් මරුට

 ( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වෙන්නප්පුව වැව පාරේ අද (31)  සිදුවු වෙඩි තැබිමකින් එක් අයෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තුවාල ලැබු තවත් අයකු රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව උදාසිරිගම පදිංචි ධනුෂ්ක උදයශාන්ත නොහොත් ‘කටා‘ යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන් අයකු බව කියයි.

ඒ සමගම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති අනෙක් තැනැත්තා ලුණුවිල කිරිමැටියාන පදිංචි කරුවෙකු බව කියයි.

මෙම වෙඩි තැබිම වෙන්නප්පුව වැව පාරේ දි සිදුව ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරු දින වෙන්නප්පුව පොලිසියට පැමිෂ එහි පොත් අත්සන් කර ආපසු තම හිතවතේකු සමඟ යමින් සිටි අයකු බව කියයි.

මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර වෙඩි තැබිමත් සමඟ වෙඩි ප්‍රහාරයට ලක්වු දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය මාර්ගය අසල කොන්ක්‍රිට් කාණුවකට වැටි තිබු බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

වෙන්නප්පුවේ වෙඩිතැබීමක් :අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site