(පද්මසිරි ගාර්දියවසම්)

පොලිස් අණ නොතකා පලාගිය  ගවයින් ප්‍රවාහනය කළ ලොරියකට හුංගම පොලිසිය අද අලුයම  හුංගම කට්ටකඩුව ප්‍රදේශයේදී වෙඩි තබා අල්ලා ගත් බව පොලිසිය පැවසීය .

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් ගත් සැකකරුවකු ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. සැකකරුගේ දකුණු කකුලේ කළවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර රුධිර වහනය වීම හේතුවෙන් සැකකරුගේ රුධිර පීඩනය පහත වැටී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය .

සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන අතර තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .