
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා අද බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව එම කොට්ඨාසය සඳහන් කරයි
ඒ මහතා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුද හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඊට අමතරව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස වැඩිදුරටත් නියෝග කළේය
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ට පරුෂ වචන කියමින් තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නීතිඥ වන්නි නායක මහතාට එරෙහිව පොලිසිය මගින් පවරා තිබූ නඩුවකට ඒ මහතා ඉදිරිපත් වීමෙන් අනතුරුව එලෙස ඇප මත මුදා හැරතිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණුහරපයක් හයියෙන් කිව්වනම් පොලිසියත් බයවෙයි.
තරාදිය බැලන්ස් නැත
කුණුහරුප කිව්වේ නැත්ද දන්නේ නෑ. ඒ වතාවේ උසාවි ගේනකොට... කුණුහරුප මැෂිමක්...
වන්නිනායක සර් කෙරුව දේ නිසා දැන් අපිටත් බය නැතුව උසාවි භුමියේ මහ හයියෙන් කුණුහරුප කියන්න පුළුවන්..., නඩුකාර උන්නාන්සේ අඩගහලාම ඇප දෙන නිසා...
වන්නියාට නායකකම් කළාට ඒ සෙල්ලම් ගල්කිස්සේ බැහැ.
වන්නිනායක නාටකට අවසන් දැන් පෙන්වන්නේ සෙව්වන්දි නාටකය...
බයියා පොලිසි එනවා...?
පැලවත්තේ ඩෝබිලා ඉහල ඉඳන් පහලටම කුණුහරප කතාවක් කියනවා. අනේ අපි නම් කොහේවත් දැක්කේ නෑ ඇහුවේ නෑ එහෙම කුණුහරප කිව්ව බවක්. ඒ ගැනෙ වීඩියෝ සාක්ෂිත් නෑ.