
(දයාරත්න ඇඹෝගම)
තෛපොංගල් හා දුරුතු පුර පසළොස්වක පෝ දින නිමිත්තෙන් පැවති දිගු නිවාඩුවට දිවයිනේ නන්දෙසින් අනුරපුර පුදබිමට පැමිණි ලක්ෂ සංඛ්යානත සංචාරකයන් ජයසිරිමා බෝධි පරිශ්රරය ඇතුළු අටමස්ථානය අසල කැළි කසල තැන් තැන්වල දමා පරිසරය වනසා දමා ගොස් ඇති ආකාරය දැකිය හැකිවිය.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ප්රගවේශ මාර්ගයේ ඓතිහාසික දකුණු දාගැබ ප්රීදේශය කසළ ගොඩක් බවට පත්ව තිබේ. අටමස්ථානයේ අනෙකුත් සිද්ධස්ථාන අසල තත්වය ද එසේමය.
කොරෝනා වසංගත තත්වය මඳක් සමනය වී ඇති නිසාත් ඒ වෙනුවෙන් පනවා තිබූ සෞඛ්යග නීති රීති යම් තරමකින් ළිහිල්වීමත් නිසා පසුගිය දීර්ඝ සති අන්තයේ දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්යානත පිරිසක් අනුරාධපුර පුදබිම වෙත පැමිණියහ.
විශාල හා කුඩා කණ්ඩායම් වශයෙන් වාහනවලින් පැමිණි ඇතැම් “ සැදැහැවතුන් ” තමන් නිවසින් ගෙනා දේ කා බී එම දවටන සියල්ල ඒ ඒ තැන්වල දමා යාමෙන් මෙම තත්වය උදාවී තිබේ. කැළිකසල අදාල බඳුන්වලට පමණක් දමන්න යැයි දැන්වීම් පුවරු සවිකර භාජන තබා තිබුණ ද දේශීය සංචාරකයෝ ඒවා තඹයකට මායිම්කර ඇති බවක් පෙනෙන්නට නැතැයි බොහෝ පිරිස් චෝදනා කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු ඔහොම තමා.ඉස්කෝලෙන් උගන්වලා දුන්නට වැඩක් නැහැ සමාජෙන් කන පිට ගහලා අත්හරිනවා.උරුලෑවෝ වගේ ආපු ගියපු තැන වල මග සලකුණු තියලා යන්නේ කිසිම හැගීමක් නැතුව.මහ උන් හැදෙන්නෙත් නැහැ පොඩි හදා ගන්නත් බැහැ
මේ රටේ ඉන්නේ බහුතරයක් කාපු බතේ රෙන එවුන්.මුන්ට තමන්ගේ වැඩේ උනාට පස්සේ අනික් අයට හෙන ගැහුවත් කමක් නැහැ
ගමක පිට්ටනියක සංගීත සංදර්ශනයක් පැවැත්වුණොත් පසුවදා ගම පුරාම හිස් බියර් ටින් බෝතල් බයිට් පැකට් කවර ප්ලාස්ටික් කොප්ප.. හදන්න බෑ. අනුරාධපුරේ නම් මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනව. බදුන්වලට දාන කසළ වදුරො බල්ලො අදිනව.
මෙහෙම අය තමා රට හදන්න කයිවාරු ගහන්නේ . ඉස්සර වෙලා තමන්ගේ හැදියාව පෙන්වන්න .
වැසිකිලි පහසුකම ලබා දීලා නැද්ද
බෑග් වල දමලා ආරක්ෂිතව නේ කරලා තියෙන්නේ .බනින්න හොඳ නැහැ .මේවා පත්තරේ දාන එක අපිට හරි නැහැ .මානුෂීය අයිතියක් නෑ කතා කරන එක
මේ වැරැද්ද කරන්නේ 20% පමණ ආත්මාර්ථකාමී සුළු පිරිසක්. උන්ව හදාගන්න නීති අවශ්‍යයයි .සිංගප්පුරුව හදා ගත්තේ එහෙමයි
නූගත් මිනිසුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?
ඔය සැදැහැවන්තයින් ගැන ආයේ අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. ගිය තැන විනාශයි. හරියට අර "උරුලෑව ගිය පාර වගේ". කොහෙද ඉතින්, පුජකයෝ දේශපාලකයින්ට මුට්ටි අල්ලමින් නයි නටවද්දී, ශ්රාවකයින් ගැන කවර කතාද?
මුන් සක්කිලි වගේ හැසිරෙන්නේ