(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව රාල්මඩුව ජලාශයේ දිය නෑමට ගිය එකම පවුලේ මව පුතා හා දියණිය දියේ ගිලී අද (14) මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්වී ඇත්තේ 35 හැවිරිදි චන්ද්‍රා කුමාරි 19 හැවිරිදි එස්.සුභාෂිණි සහ 17 හැවිරිදි ක්රිෂ්ණ කුමාර් නැමති එකම පසුලේ තිදෙනෙකු බව පොලිසිය පැවසීය.
මෙම පිරිස මහනුවර අලවතුගොඩ සයිස්ටස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් මාස කිහිපයකට පෙර රාල්මඩුවේ පිහිටි පෞද්ගලික ඉඩමක සේවයට පැමිණ ඇති බව පොලිසිය පැවසීය.
මරණයට පත් කාන්තාව සහ දරුවන් තිදෙනෙකු රාල්මඩුව ජලාශයට දිය නෑමට පැමිණ ඇති බවත් කුඩා දියණිය නාවා වැව් කන්ඩිය උඩ තබා අනෙක් තිදෙනා දිය නාමින් සිටියදී වැඩිමල් දියණිය එකවර දියේ ගිලි ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඇය බේරා ගැනීමට පුතා උත්සහ කර ඇති අතර ඔහුද දියේ ගිලි ඇති අතර දරුවන් දෙදෙනා බේරා ගැනීමට මව යාමේදී මවද දියේ ගිලි ඇති බව පොලිසිය කියයි.
කුඩා දියණියගේ කෑගසමින් පසු ප්‍රදේශවාසීහු පැමිණ තිදෙනාව ගොඩ ගෙන ඇති බවත් ඒ වන විටත් තිදෙනාම මියගොස් සිටි බවත් වනාතවිල්ලුව පොලිසිය පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද තෛපෝංගල් දිනයේදී අහන්න ලබුණු ඉතාමත් අවාසනාවන්ත කණගාටුදායක සිද්ධියක්, ඔවුන්ගේ භව ගමන නිමාවේවා! නිර්වානාබෝධය ලඟා වේවා!!
පව්.. මේ මිනිස්සු නොදන්න තැන්වල නාන්න ගියේ ඇයි?