(සුජිත් හේවාජුලිගේ )

වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු අත්පත් කරගත් අක්කර 25,000 ක්  නැවත ගොවීන්ට දීමට අවශ්‍ය කටයුතු කරන බව වනජීවී ඇමැතිනී  නීතිඥ පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය පැවසුවාය.

මේ අතර වත්තේගම- කැබිලිත්ත රක්ෂිතයේ   හායනයට පත් ප්‍රදේශවල වනාන්තර නැවත  ප්‍රතිස්ථාපනය කරන  බවද ඇය සඳහන් කළාය..