(ඉන්දිකා රාමනයාක,නිමන්ති රණසිංහ, උපාලි ආනන්ද)
වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවට කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලිසියට බාරවීමෙන් පසු අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර මේජර් ජෙනරාල්වරයා අද පෙරවරුවේ හබරණ පොලිසියට ස්වෙච්ඡාවෙන් පැමිණ ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
අත්අඩංගුවට ට ගත් යුද හමුදා මේජර් ජනරාල්වරයා කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය
මෙම මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කැකිරාව මහේස්ත්‍රාත්වරයා කැකිරාව පොලිසියට ඊයේ (30) නියෝගයක් නිකුත් කර තිබිණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න, වීරයන්ව අත්අඩංගුවට ගන්නවෝ... කෝ මේ සේන..?
හමුදා සාමාජිකයන් සංග්‍රාමික නීතියට වගේම රටේ පොදු නීතියටත් යටත් වෙනවා. තවම මේ අය ඉන්නේ යුද්ධ මානසිකත්වයේ. මේ සිදුවීම සැලකිල්ලට ගත්තම පෙනෙන්නේ තමන් රටේ පොදු නීතියට යටත් නැති බවට හැඟීමක් ඔවුන් තුළ තිබෙන බව... හමුදා නීති අංශයේ ප්‍රධාන වගකීමක් විය යුත්තේ හමුදාවේ සාමාජිකයින්ට රටේ නීතිය ගැන හොඳ දැනුමක් ලබාදීම.