(පද්මසිරි ගාර්දියවසම්)

බූන්දල වනෝද්‍යානය තුළ පිහිටි වැලිගත්ත කලපුව අසළදී ගවයන් දක්කාගෙන එද්දී වන අලියකු පහරදිම නිසා කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය පැවසීය.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට වැලිගත්ත පදිංචි ඩී.වී.චමිලා දුලානි නමැති 46 හැවිරිදි කාන්තාවකි.

වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඇය හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.