(නිමල කොඩිතුවක්කු)
කලින් ආසන වෙන් කිරීමේ පහසුකම මත ආසන වෙන් කර ගත් මගීන් එම වෙන් කල ප්‍රවේශ පත් අවලංගු කිරීමේ දී යළි 50% ක ගාස්තුවක් ලබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
මාර්තු 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගාස්තු අය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවත් ජයසේකර මහතා කීවේය.
කලින් ආසන වෙන් කිරීමේ පහසුකම මත ආසන වෙන් කර ගත් මගීන් එම වෙන් කල ප්‍රවේශ පත් අවලංගු කිරීමේ දී 25 % ක මුදලක් මෙයට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් අයකර ගනු ලැබීය.
එම ප්‍රතිශතය 50% ක් දක්වා වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කිරීම පිළිබඳව දුම්රිය ස්ථානාධිපති සංගමය දැඩි විරෝධය පළ කරන බවද ජයසේකර මහතා කොළඹදී ඊයේ(15) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (වාණිජ) වී. එස් පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේ දුම්රිය ප්‍රවේශපත්‍ර අවලංගු කිරීම මගින් දුම්රියට සිදුවන පාඩුව වැළැක්වීමේ අරමුණෙන් මෙම පියවර ගත් බවයි.
යම් දුම්රිය අවලංගු කිරීමක් හෝ දුම්රිය දෙපාර්තමේන්තුවේ අතපසුවීමකින් සිදුවන සියලූම අවස්ථාවලදී මුළු ගාස්තුව ම ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කෝච්චිය ස්ට්‍රයික් කළොත් කීයක් ගෙවනවද දන්නේ නැහැ... මගීන්ට වෙන අපහසුවට...!!!
ඕකෙන් වෙන්නේ දුම්රියෙන් යන්න ඉන්න මගීන් තවත් අඩු වෙන එක. ආසන වෙන් කරන්නේ දුර ගමන් සඳහායි. ඒ සඳහාත් වෙන් කරන්නේ පළමු පන්තියේ හෝ දෙවන පන්තියේ මැදිරි. හදිසි අවශතා මත, එසේ වෙන් කරගත් ආසන අවලංගු කිරීමට සිදු වුණොත් මගියාට ලොකු පාඩුවක් වෙනවා. පවුලේ සාමාජිකයින් සමග යන්න හිටපු ගමනක් අවලංගු කරන්න වුණොත් තවත් ලොකු පාඩුවක් මගියාට දරන්න සිද්ද වෙනවා. මාස 3ක් දක්වා හෝ කල් ලබාදීම වගේ පිළියමක් දුන්නොත් දෙපාර්ශවයටම වාසිදායකයි...