
( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ඔඩ්ඩුසුඩාන් කූලාමුරිප්පු ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වනඅලියෙකු පහරදීමෙන් තුවාල ලබා ප්‍රදේශවාසීන් විසින් ඔහුව බේරාගැනීම සමත්ව තිබේ.
වයෝවෘද්ධ පුද්ගලයෙකු කූලාමුරිප්පු ප්‍රදේශයේ රාත්‍රියේ පාපැදියෙන් ගමන්කරමින් සිටින අතරේ එකවරම වනඅලියෙකු පාපැදියට පහරදී තිබේ.
අනතුරුව පාපැදිකරු විසිවී ගොස් වනලැහැබකට වැටී ඇත.
ඔහු උදව් ඉල්ලා කෑ ගැසීමෙන් අනතුරුව ගම්වාසීන් එම ස්ථානයට පැමිණ වන අලියා පලවා හැර තුවාල ලැබූ පාපැදිකරුගේ ජීවිතය බේරාගෙන තිබේ.
ගම්වාසීන් එන විටත් පාපැදියට වනඅලියා විසින් පහරදි හානි කොට තිබූ අතර පාපැදිකරු සොයාගැනීමට වනඅලියාට නොහැකිවීම හේතුවෙන් ඔහුගේ ජීවිතිය බේරි ඇති බවටද ගම්වාසීන් වැඩිදුරටත් පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd