IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වන අලියාගේ මරණයට කාන්තාවක් අත්අඩංගුවට

 (  එච් චන්දන )

පුත්තලම කල්අඩියේ වන අලියකු විදුලිය වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්  සැක පිට කාන්තාවක අත් අඩංගුවට ගත් බව පුත්තලම වන ජීවී කාර්යාලය කියයි.

කල්අඩිය - සිංහපුර ප්‍රදේශයේ  මීට දින කිහිපයකට පෙර  මිය ගිය වන අලියකුගේ මළ සිරුරක් ඊයේ(30) වන ජීවී නිලධාරින් සොයා ගත්තේය.

වන අලියාගේ මරණය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු අධි බලැති විදුලියක් වැදීමෙන් මෙම වන අලියා මිය ගොස් ඇති  බව නිගමනය කර ඇත.

 සිද්ධිය පිළිබදව පුත්තලම අලි පාලන ඒකකය හා දිසා වන ජීවී කාර්යාලය එකාබද්දව සිදු කල විමර්ශණ වලින් අනතුරුව මෙම වන අලියා මිය ගොස් සිටි ඉඩමේ හිමිකාර කාන්තාව මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

 අත් අඩංගුවට ගත් සැකකාරිය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අදහස් (0)

වන අලියාගේ මරණයට කාන්තාවක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 166 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 371 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site