( තිලකරත්න දිසානායක)
බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ විධායක ඉංජිනේරුවරයා විසින් එම අධිකාරියේ උඩුගම්පොළ ප්‍රධාන කාර්යාලයෙහි නිලධාරිනියකට පහරදීමේ සිද්ධියක් මත ඉංජිනේරුවරයා ගම්පහ පොලීසිය මගින් අද (25) දහවල් අත් අඩංගුවට ගනු ලැබීය.
උඩුගම්පොළ කාර්යාලයේ 43 හැවිරිදි කළමනාකරණ සහකාරවරියකට පෙරේදා පෙරවරුවේ විධායක ඉංජිනේරුවරයාගේ කාර්යාලය තුලදී මෙම පහරදීම සිදුකළ බවට එම නිලධාරිනිය විසින් අද ගම්පහ මූලස්ථාන පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව 53 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කාර්යාලයේ ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් මෙලෙස පහරදීම සිදුකළ බවට පැමිණිල්ලේ සඳහන් වන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කොට ඇති අතර සැකකරු අද සවස ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදිකරණය සාදාරන තීන්දුවක් දේවි. අපි ඒ ගැන කතා නොකර ඉමු. නමුත් මේ සිදුවීමට අදාල කාන්තාව නගන හඬ සමාජය දෝංකාර දෙනවා. මේ පිරිමිද?
තමන්ගේ කාර්යාලයේ එකට සේවය කරන, කාන්තාවකට පහර දෙන්න තරම් පහත් තත්වයකට වැටිලද ලංකාවෙ පිරිමි... කාන්තාවටත් තිබුනේ දෙකක් දෙන්න. පිරිමි කමටත් ලැජ්ජයි..
අප කිසිඳු පාර්ශවයකට බර නොවී අදහස් දැක්වීමේදී උගත්, නූගත් සියල්ලන්ගේම හැසිරීම් රටාව එක සමාන නොවේද? මොන උගතා මොන ජගතා වුණත් හික්මීමක්, විනයක්, ඉවසීමක් නොමැති නම් "ඒ උගත්කම් නොවටී" යන්න මොහු විසින් මනා ලෙස ඔප්පු කර ඇත. මේ සෑම සිදුවීමකින්ම පෙනෙන්නේ අප සමාජය මොනතරම් පිරිහීමට පත්ව ඇද්ද යන්න නොවේද?
නිලධාරීන්ට පහර දෙන සංස්කෘතිය ආරම්භ කලේ දේශපාලකයින්. පාර්ලිමේන්තුවේ පුටු, පොත්, වතුරබෝතල් වලින් ගහගන්න කොට, ගෝලයෝ ගෑණුන්ට හරි ගහනවා. එච්චර බෝවෙන උණක් මේක... හැබැයි මේ කේස් එකෙන් නම් මෙයා ඉවරෙටම ඉවරවෙයි මගේ හිතේ. හැබැයි මින් පස්සේ කාර්යාල වල ෆෝන් තහනම් කරන්නත් පුළුවන්... එච්චර දේශපාලන හයිය ගත්ත අය ඕවායේ ඉන්නේ... අර කුරුණෑගල එක්කෙනෙක් කිව්වේ, වැරදි කළත් අපේ පක්ෂේ නම් බේරා ගන්නවා කියලා... රාජසභාව කඩුව කියලා පුරාවිද්‍යා කොමසාරිස් කියලත් තාම හරියට ඇල්ලුවේ නෑ මගේ හිතේ... ඒ චණ්ඩි සංස්කෘතිය තමයි මේ දික් වේගෙන එන්නේ. මහැදුරු සරච්චන්ද්‍රටත් බෞද්ධ සම්මේලනයේදී කාණුවේ දාගෙන ගැහුවේ. යුනුස් කාටූන් ශිල්පියාගේ කටත් කැපුවේ. ඉතින් මේක වචන කීපෙකින් කියනව නම්, උපාධි-මෝඩ කම. ගහනවා තියා ගෑනියෙක් එක්ක වාද කරන්නවත් යන්නේ නෑ. පුංචි හරි ඔලුවක් තියෙන පිරිමියෙක්...
ගම්පහ ආශ්චර්යය...
අපේ කාර්යාලයේත් ඔහොම වුණා. හැබැයි ඒ දෙන්නා නම් ගහගන්නවා. අයථා සම්බන්ධකම් තමයි ඒවට මුල...
යකෝ මෙයා කාට ලොක්කෙක්ද? ආයතනයේ සේවය කරන ගැහැණුන්ට ගහන්න. මේ ගැහැණියට පිරිමියෙක් නැද්ද? මේ ගොයියාට පාඩමක් උගන්වන්න. මගේ කෙනෙකුට ගැසුවා නම් මෙයා දෙවියන්ගේ හාල් කෑවා වගේ සිටී. මෙයාගේ බිරිඳට වෙන සැමියෙක් සොයාගන්න වෙනවා දරුවන්ට වෙන තාත්තා කෙනෙක් සොයාගන්න වෙනවා.
කව්ද දන්නේ මේ කාන්තාව රාජකාරී වෙලාවේ නිතරම ෆේස් බුක් එකේ කාලය ගත කරමින් සිටින කෙනෙක්ද කියා...
සිද්ධිය පිළිබඳ ගරු අධිකරණය නිවැරදි විනිශ්චයක් දේවි. ඒත් අායතනික මට්ටමින් නිසි විමර්ශනයක් සිදුකර සිද්ධියට අදාළ යථා තත්ත්වය හෙළිකර ගැනීම අත්‍යාවශ්‍යයි. සියළු රාජ්‍ය හා පුද්ගලික අායතන සේවකයන්ට ප්‍රවේශමන් වැඩ කළ යුතු බවට ඉතා හොඳ පාඩමක්...