
(නිමන්ති රණසිංහ)
'ෆෝ ජී' වර්ගයේ සිම් කාඩ් පත් හතක් සහ උගන්ඩා සිලින් කාසියක් සඟවාගෙන සිටි උගන්ඩා ජාතික සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීනියන් විසින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ දී ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය වයස අවුරුදු 43 ක කම්පෝලා, උගන්ඩා ලිපිනයෙහි පදිංචි උගන්ඩා ජාතික කාන්තාවක බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේ කාන්තා අංශයේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරිනියන් විසින් රැඳවියන් පරික්ෂා කරනු ලැබූ අවස්ථාවේ දී සැකකාරිය සන්තකයේ තිබූ බෑගයක සූක්ෂම ලෙස අසුරා තිබූ සුදු පැහැති කොළයක ඔතන ලද මෙම සිම් කාඩ්පත් 7 සහ කාසිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකාරිය සහ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය වැලිකඩ කාන්තා බන්ධනාගාර සැරයන් ප්‍රියංගනී කැලලදගොඩ නිලධාරිනියට භාරදී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකද