
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුතර දකුණ , මතුගම පාරේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නිවසක් වටලා විදේශීය රටවල් තුනකට අයත් ගිනි අවි ජිව උණ්ඩ සහ අත්විලංගුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරු සමග ජපානයේ නිෂ්පාදිත වායු පිස්තෝලයක් , ඇමෙරිකාවේනිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් හාජර්මනියේ නිෂ්පාදිත පිස්තෝල අවියක් , , 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 51 ක් , 0.38 වර්ගයේ ජීව උණ්ඩ 16 ක් , බෝර දොළහ වර්ගයේ ජීව උණ්ඩ 11 ක් හා අත් විලංගුවක් පොලිස් භාරයටගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ නිලධාරීන් සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි. සැකකරු සහ ගිනි අවි සහ ජීව උණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලිසිය වෙත භාරදී ඇත
2025 දෙසැම්බර් මස 04
723
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදෙස් ගිනි අවි -අත් විලංගු සමඟ අයෙක් අල්ලයි
Prabath Sunday, 19 October 2025 02:20 PM
අර්චුනා කියන විදිහට ආයුධ කන්ටේනර් මේගොල්ලම පන්නන ඒවා මේ ගොල්ලොම අල්ලනවා.