
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුතර දකුණ , මතුගම පාරේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නිවසක් වටලා විදේශීය රටවල් තුනකට අයත් ගිනි අවි ජිව උණ්ඩ සහ අත්විලංගුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරු සමග ජපානයේ නිෂ්පාදිත වායු පිස්තෝලයක් , ඇමෙරිකාවේනිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් හාජර්මනියේ නිෂ්පාදිත පිස්තෝල අවියක් , , 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 51 ක් , 0.38 වර්ගයේ ජීව උණ්ඩ 16 ක් , බෝර දොළහ වර්ගයේ ජීව උණ්ඩ 11 ක් හා අත් විලංගුවක් පොලිස් භාරයටගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ නිලධාරීන් සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි. සැකකරු සහ ගිනි අවි සහ ජීව උණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලිසිය වෙත භාරදී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්චුනා කියන විදිහට ආයුධ කන්ටේනර් මේගොල්ලම පන්නන ඒවා මේ ගොල්ලොම අල්ලනවා.