(යොහාන් භාසුර)

ඇතැම් විදේශීකයන් ව්‍යාජ ලෙස සැකසූ පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කරමින් මෙරටට පැමිණීම රටේ සෞඛ්‍ය ආරක්‍ෂාවට තර්ජනයක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ඇතුල්වන ඉන්දියාව සහ පාකිස්තානය වැනි රටවල්වල ඇතැම් පුද්ගලයන් ව්‍යාජ ලිපිශීර්ෂ යොදමින් සැකසූ ව්‍යාජ පී.සී.ආර්. වාර්තා ගුවන්තොටුපළ නිලධාරීන්ට ඉදිරිපත් කරන්නේ යැයි දැනගන්නට ලැබී ඇති බව කී රවී කුමුදේශ් මහතා වෙනත් රටවල්වලට යෑම සඳහා ගුවන්තොටුපළට ඇතුල්වන මෙම පුද්ගලයන් හරහා ‘කොවිඩ්’ වසංගතය වඩා වේගයෙන් පැතිරීමේ අවදානමක් ඇති බව සඳහන් කරයි.

එම විදේශීකයන්ගේ පී.සී.ආර්. වාර්තා එලෙසින්ම පිළිගැනීම රට අමාරුවේ දැමීමක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.