
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය අතර හමුවක් අද(02) පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් ශ්‍රී ලංකාවේ ජනතාව ඉල්ලන සමෘද්ධිමත් අනාගතය ළඟා කර දීමට ඇමෙරිකාවට උදව් විය හැකි ආකාරය සාකච්ඡා කළ බව ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.
එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීමට ඇමෙරිකාවේ කැපවීම ද ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වැඩි කළ හැකි ආකාරයද සාකච්ඡා කළ බව එම සටහනේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd