IMG-LOGO

‘විදේශ අරමුදල් ව්‍යාපෘති වෙලාවට ඉවර කරන්න’

(සුජිත් හේවාජුලිගේ )

විදේශ අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඉන්දීය ණය ආධාර යටතේ සැපයෙන  මෙම පොහොර තොගය මෙරටට ලැබී   දින විස්සක් ඇතුළතදී  රටපුරා බෙදා හැරීමට සැලසුම්කර ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ වාරිමාර්ග ක්ෂේත්‍රය  මුහුණ දෙන අභියෝග  සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති මන්දිරයේදී පෙරේදා (1) පැවති සාකච්ඡාවේදීය.

උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර නිමවීමට පෙර අවසන් කර මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබාදිය හැකි බව මෙහිදී  තොරතුරු අනාවරණය විය.‍

මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ  මහා ගෝන වැව, විල කණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘතිවල වැඩද  මීට සමගාමීව   නිමවීමට නියමිතව ඇතැයි  ප්‍රකාශවිය.

සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට අසූවක් පසුගිය දින තුනේ දී ජල විදුලි පද්ධතියට එක්වූයේ  ජල සහ සුළං ප්‍රභවයන්ගෙන්  බවටද  මෙහිදී  තොරතුරු අනාවරණයවිය.

ජලය මත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති ඉහළ නැංවීමට හා වහලය මත සවි කෙරෙන සූර්ය  පැනල  සඳහා ලබාදෙන ප්‍රතිලාභ වැඩි කර පාරිභෝගිකයන් දිරිගැන්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.යල කන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන්ද  මෙහිදී අවධානය යොමුවිය.

මෙහිදී අදහස් දැක්වූ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ  වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සපයන ඉඩම්වලින් සියයට 50ක්  මේ වනවිටත් වපුරා ඇති බවයි.

මහවැලි ගෙවතු දෙලක්ෂ විසි පන් දහසක    බෝග වගා සඳහා සැලසුම් කර ඇතැයිද   ඔහු සඳහන් කළේය. මෙතෙක් වී වගා කර නොමැති ඉඩම් වල වෙනත් බෝග වගා කිරීම සඳහා අවධානය යොමු කර ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක සහ අමාත්‍යාංශ ලේකම් යූ ඩී ජයලාල්  යන මහත්වරුද  එම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (1)

‘විදේශ අරමුදල් ව්‍යාපෘති වෙලාවට ඉවර කරන්න’

Sunil Thursday, 02 June 2022 04:16 PM

වසර 02කින් නිමා කළ යුතු ඇතැම් මාර්ග ව්‍යාපෘති, වසර 5කදී වත් නිමාකර නැහැ. මාර්ග ව්‍යාපෘති ඒ සඳහා හොඳම උදාහරණයක්.. කාර්ය මණ්ඩලයට නිකන් පඩි දෙනවා. නෙත් හැර බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 414 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site