(දයාරත්න ඇඹෝගම)
පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියඹලාදමන ප්‍රදේශයේ ගෙවත්තක් වටා ඇද තිබු විදුලි රැහනක ගැටිමෙන් අවුරුදු 45 ක් පමණ වයසැති වන අලියෙකු මිය යාමේ සිද්ධියට 65 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව රිටිගල අඩවි ආරක්ෂක නිලධාරි එම්.ටි.පුෂ්පකුමාර මහතා පැවසිය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාමල්පුර,සියඹලාගස්දමන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා සිය ගෙවත්තේ සිටුවා ඇති භව බෝග වන අලීන් ගෙන් ආරක්ෂාකර ගැනිම සදහා ගෙවත්ත වටා අනවසර විදුලි රැහැනක් යොදා තිබියදි ඊයේ (20)දින අලුයම වන අලියෙකු ගැටි මිය ගොස් සිටියදි රිටිගල වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් සොයා ගෙන තිබුණි.
වයස අවරැදු 45 පමණ වන මෙම වන අලියා අඩි 10 කින් පමණ උසින් යුක්තය. වන අලියාගේ පශ්චාත් මරණ පරික්ෂණය පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදුකළ අතර එහිදි වන අලියා මිය යාමට හේතුව විදුලිසැර වැදිමෙන් බවට නිගමනය කොට තිබේ.මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු ගෙවත්තේ හිමිකරැවා අද (20)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විදුලිසැර වද්දවා අලියකු මැරී යැයි අයෙක් අත්අඩංගුවට