(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ විදුලි ගාස්තුව ඉහළ දැමිය යුතු යන ස්ථාවරයේ එම මණ්ඩලයේ කළමනාකාරිතවය සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

විදුලි ගාස්තුව ඉහළ දැමීමට මහ බැංකුව ද නිර්දේශ කර ඇතැයි කී එම නිලධාරියා ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලැබී ඇතැයි ද කීය.

ලංකා විදුලිබල මණ්ඩලය 2014 වසරේ විදුලි ගාස්තුව අඩුකිරීමෙන් පසුව වසර 8 ක් ගතවී තිබුණ ද ගාස්තුවේ වෙනස් මේ දක්වා කර නොමැති බව ද සඳහන් කළේය.