(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ට විදුලි කප්පාදුව නිසා විශාල ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව වහා අවධානය යොමු කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය.
විශේෂයෙන්ම ඉසෙඩ් ක්‍රමය අනුව ලකුණු දීමේ දී මේ ප්‍රශ්නය උද්ගත වන බවද වික්‍රමසිංහ මහතා කීය.
විදුලි කප්පාදුව විවිධ ප්‍රදේශ වලට නොයෙක් වෙලාවට කිරීම නිසා මූලික අයිතිවාසිකම් යටතේ නඩු පැවරීමට හැකියාව තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා මෙම විදුලි කප්පාදුව උසස් පෙළ විභාගය අවසන් වන තුරු වත් නතර කර ගත හැකි දැයි සලකා බලන ලෙස කීය.
මීට පිළිතුරු දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ උසස් පෙළ විභාග සමයේ, විදුලි කප්පාදුව නවතා ගැනීම සඳහා විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ පෙරේදා (22)රාත්‍රියේදී සාකච්ඡා කළ බවයි.හැකි තරම් දුරට මේ ප්‍රශ්නය වෙනස් කරන්නට හැකි වෙතියි සිතන බව ද දිනේෂ් ගුණවර්ධන මහතා කීය.මෙි ප්‍රශ්නය මතු කිරීම ගැන හිටපු අගමැතිතුමාට ස්තූතිවන්ත වෙන බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘විදුලිය කැපීමෙන් උසස්පෙළ සිසුන්ට ඇතිවන බාධා ගැන අවධානය යොමු කරන්න‘
ජුණ්ඩප්පුවා Wednesday, 23 February 2022 05:45 PM
හායි මිස්ට ක්ලීන්... ඔයාලා කැපුවේම නෑ නේද? ඉස්සර කරුවල ජයසූරිය කියලා ඇමැත්තෙක් හිටියේ කිං කැකිල්ලේට වෙන්ටැ.. ඔයා ඔහොම නෙවෙයි, අප් සයිඩ් ඩවුං කරන්න කීවත් මිනිස්සු ඔයාලාට ආයේ නං ඡන්දෙ දෙන්නෙ නෑ. ඔයාලා බලය අල්ලන්ට දීපු එකේ විපාක විඳලාම ඉවර කරන්ට වෙනවා.. ඒක ෂුවර්...!
Bandara Wednesday, 23 February 2022 07:01 PM
ඔබතුමා තවමත් රටේ අගමැතිවරයා වගේ මිනිස්සුන්ට දැනෙනවා.
gamunuWednesday, 23 February 2022 08:13 PM
බුද්ධිමත්කම, පලපුරුද්ද සහ දැනුම කිසිවෙකුට සැඟවිය හෝ සොරකම් කළ නොහැක...
Mali Saturday, 26 February 2022 07:03 PM
දැන් මොනවා කරන්නද? අපි සිංහල පේපර් එකක් ලියපු දවසට කරන්ට් එක කපලා ඉන්න බැරිව හිටියේ... ඊයේ රෑ කපලා අද ඉතිහාසය ලියන්න සිටි ළමයින්ට MCQ එකක් වත් කරගන්න බැරි වුණා ස්ට්‍රෙස් වැඩි වෙනවා. අපිට කියලා තිබුණු විභාග අස්සේ කරන්ට් කපන්නේ නැහැ. ළමයින් නිසා මහනයක් දෙනවා කිව්වා. කෝ කියපු දේ නෙවෙයිනේ කළේ...? අපිටත් පව් දීලා ඔයාලත් පව් පුරෝගන්නවා සර්...