
(යොහාන් භාසුර)
ඉදිරි මාස තුන තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (15) පස්වරුවේ පැවසීය.
විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ඉන්ධන ලැබීම, පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර ජාතික විදුලි පද්ධතියට එක්කිරීම සහ විදුලිය අරපිරිමැස්ම යන උපකල්පන මත විදුලිය කප්පාදු නොකිරීමේ තීරණයට එළඹි බවත් කිසියම් හේතුවක් මත මෙගාවොට් 100 ක විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වුවහොත් කප්පාදුවක් සිදු නොවන අතර මෙගාවොට් 200 ක විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වුවහොත් දිනකට පැයක ද, මෙගාවොට් 300 ක විදුලි ජනන යන්ත්‍රයක් අකීය වුවහොත් දිනකට පැය එකහමාරක් ද විදුලිය කප්පාදු කිරීමට කිරීමට සිදුවන බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ කපනවා කියනවා... හවස නෑ කියනවා... සර් ෆේල්...!