(යොහාන් භාසුර)
උපකරණ හිඟය හේතුවෙන් ගෘහස්ථ විදුලි නව සැපයුම් 36,000 ක් සහ බල්ක් සැපයුම් 1200 ක් දීමට නොහැකිව ගොඩගැසී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (16) පැවසීය.
ට්‍රාන්ස්ෆෝමර්, වයර් සහ මීටර් (මනු) ආදි විදුලි සැපයුම දීමට අවශ්‍ය උපකරණ රැසක් ගෙන්වීම සඳහා බැංකුවලින් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙම තත්වය උදාවී ඇති බවත් ඉදිරි මාස තුළ ගෘහස්ථ විදුලි සැපයුම් 36,000 දීමට උත්සහ කරන බවත් සාමාන්‍යාධිකාරීවරයා කීය.
බල්ක් සැපයුම් 1200 කර්මාන්ත වියහැකි බවත් එය ලබාදීමට නොහැකි වීම රටේ නිෂ්පාදනයට බලපෑමක් බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd