(අජන්ත රත්නායක)
පුනර්ජනනීය විදුලිය ලෙස නිෂ්පාදනය කරන ලද මෙගාවොට් 40 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු නොකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් ඊට වගකිව යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද කුරුණෑගල දී පැවසීය.
පුනර්ජනනීය බලශක්තියට අත්වී තිබෙන ඉරණම පිළිබඳව කතාකිරීම පවා කණගාටුදායක නමුත් තමන් ඒ පිළිබඳව අනාවරණය කිරීමට සූදානම් බව ද පැවසීය.
පුනර්ජනනීය විදුලිය ලෙස සූර්ය විදුලි බලය මෙගාවොට් 40 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළත් එය ජාතික පද්ධතියට එකතු කිරීම සඳහා සම්බන්ධතාවය ලබා දී නැහැ. විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් මීට වගකිව යුතුයි. ඉතා අසීරු අවස්ථාවක් වන මෙම මෙගාවොට් 40 ක විදුලිය ජාතික පද්ධතියට එකතු වූවා නම් එය ඉතා වැදගත්.
පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ජනාධිපතිතුමා දිගින් දිගටම කතා කළද, නිලධාරිවාදය හේතුවෙන් මෙගා වොට් 40 ක ජාතික පද්ධතියට අහිමිවෙමින් ඇතැයිද ඇමැතිවරයා කීය.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගිවීමට පැමිණි ඇමතිවරයා මේ බව පැවැසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
විදුලියේ අඩුපාඩුවක් දයාසිරි පෙන්වයි
Fernando Wednesday, 16 February 2022 10:24 PM
මෙය ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. එතුමා පෙන්වා දී ඇත්තේ...!