(යොහාන් භාසුර)

ඩොලර් ගෙවා අද (23) නිදහස් කරගත් නෞකාවේ ඩීසල් තොගයෙන් මෙට්‍රික්ටොන්  6000 ක් විදුලිබල මණ්ඩලයට දෙන බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පැසුවාය.

එම ඩීසල් මෙට්‍රික්ටොන් 6000 හැකි ඉක්මණින් විදුලිබල මණ්ඩලයට ලබාදීමට කටයුතු කරන බව ද ඔල්ගා මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ලැබෙන ඉන්ධන සඳහා මුදලක් ගෙවන බවත් මෙම ඩීසල් මෙට්‍රික්ටොන් 6000 ට මුදල් ගෙවීමට සූදානමින් සිටින බවත්ය.