(නිමල් ජයරත්න )


විදුලි සැර වැදී මියගොස් ඇති බවට සැකකරන වන අලියකුගේ සිරුරක් වැලිකන්ද රණවිරු ගම්මානයේ නිවසක් අසලින් අද(04)  සොයා ගැනීමට හැකිවූ බව වැලිකන්ද අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සඳහන් කරයි.

මියගොස් සිටින වන අලියාගේ වයස අවුරුදු 25 ත් 30 ත් අතර පමණ වන බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද වනජීවී කාර්යාලයේ අඩවි සහකාර සමන් නිශාන්ත මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

වන අලියාගේ ආසන්නයේ තිබී  විදුලි රැහැන්  කිහිපයක්ද වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද වැලිකන්ද අඩවි ආරක්ෂක නිලධාරීන් සඳහන් කරයි.
 
වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන බවද වනජීවි නිලධාරීන් පවසයි.