(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කල්අඩිය හයේ කනුව ප්‍රදේශයේ ඉඩමක සවිකර තිබු විදුලි අලි වැටක් හරහා අධිබල විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දමා තිබියදි අද (26) සොයා ගත් බව පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පැවසිය.
වගාබිමකට වෙනත් පුද්ගලයකුගේ නිවසකින් නීති විරෝධිව ලබා ගෙන තිබු විදුලිය විදුලි අලි වැටකට සම්බන්ධ කර තිබියදි විදුලි සැර වැදි දින ගනනාවකට පෙර එම ස්ථානයෙදීම ඇතා මරණයට පත්ව තිබි ඇති අතර පසුව එම සිද්දිය වසං කිරීමට ඉඩමේ හිමිකරු ඇතුළු තවත් කිප දෙනෙකු ඇතාගේ සිරුර ඉඩමට යාබද ස්ථානයක වළ දමා ඇති බව කියයි.
අදාල සිද්දිය පිළිබදව පුත්තලම වනජීවි කලාප කාර්යාලයට ලැබුන තොරතුරකට අදාළ ඉඩම පරික්ෂා කිරීම සදහා සෝදිසි වරේන්තුවක් ලබා ගැනිමේන් පසුව අදාල ඉඩම පරික්ෂා කිරිමේදි ඇතා වළදමා තිබියදි සොයා ගෙන තිබුනී.
සිද්දිය සම්බන්ධයෙන් ඉඩමේ හිමිකරු වනජීවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතාගේ උපදෙස් හත ඇතාගේ සිරුර ගොඩ ගෙන පරික්ෂණ කටයුතු කිරීම සිදු කරනු ලැබීය.
අධි බල විදුලි ධාරවකින් ඇතා මරණයට පත්ව ඇති බව එහිදි අනාවරණය වී ඇතැයි වනජීවී නිළධාරීහු පැවසූහ.
ඇතාගෙ දළ යුගල වනජීවි භාරයට ගත් අතර අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
පුත්තලම වනජීවි කලාප කාර්යාලයේ අඩවි ආරක්ෂක සංජීව විරසේකර, කරුවලගස්වැව වනජීවි කාර්යාලයේ තිළිණ දිසානායක මහත්වරුන් සමග වනජීවි නිළධාරින් රැසක් පරීක්ෂණ කටයුතුවලට එක් වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දේ කාලේ ගම් බේරගන්න ග්රාමාරක්ෂකවරු යෙදෙව්වා වගේ, දැනුත් කරන්න බැරිද? අපිට ලොකු ග්රාමාරක්ෂක බලකායක් ඉන්නවා. අලි වැටවල්, මී වද වැටවල්, සියල්ල ඔවුන් ලවා කරවන්න පුළුවන්... අලින්ට කෑමට වගා භුමි යුදහමුදාව ලවා හදන්න පුළුවන්... ප්‍රධාන වශයෙන් රජයක්, රටක්, ආණ්ඩුවක්, විපක්ෂයක් විදියට මේ ප්‍රශ්නේ හිඟන්නාගේ තුවාලේ කරගන්නේ නැතිව විසඳුම්වලට යන්න ඕනේ... මේ රටේ නැත්තේම ප්‍රශ්න විසඳන්න තියෙන දේශපාලන වුවමනාව...!!
දේපළ රාජසන්තක කළ යුතුයි. නීතිය ලිහිල් නිසා තමයි ලංකාවේ අපරාද වැඩියි..