
(කේ. බුද්ධික කුමාරසිරි)
මාලබේ තලාහේන ප්‍රදේශයේ සවිකර තිබූ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක තිබූ විදුලි රැහැන් කැපීමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇතැයි මාලබේ පොලිසිය පවසයි.
මාලබේ පොලිස් ස්ථානයට අද (14) උදෑසන ලද 119 දුරකථන පණිවිඩය අනුව මාලබේ පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම ට්‍රාන්ස්ෆෝමරය අසල බිම වැටී සිටි පුද්ගලයෙකු දැක පොලිස් ජීප් රථයෙන්ම මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් ඇති බවට රෝහල මගින් දැනුම් දුන් බවද පොලිසිය පවසයි.
තලාහේන ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆොමරයට නැග තඹ කම්බි කැපිමට යාමේදි මෙලෙස විදුලි සැර වැදී ඇති බවට සැක කරන බවද පොලිසිය පවසයි.
මිය ගොස් සිටි පුද්ගලයා වයස අවුරුදු - 35 ත් 40 ත් අතර පිරිමි පුද්ගලයකු වන අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මේ වනතෙක් තහවුරු කර ගැනිමට නොහැකි වු බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ජීවත් වුණානම් වෙන්නෙ කුඩු ගහලා මැරෙන එක.
මොහුට සහ මේ වගේ අනෙක් අයටත් ඉක්මනින්ම නිවන් සුව ලැබේවා. පොහොට්ටුවේ අය මට බනින්න එපා.
ට්‍රාන්ෆොමර් නම් ජෙප්පො නේ. කාලෙක කරපු වැඩ කිඩ ආපහු දාන්න හැදුවද දන්නේ නැහැ නේ
මේ වගේ ගොබ්බයෙක් “live” විදුලි කම්බි කපන්න එවපු මුදලාලි අල්ලගෙන මිනිස් ඝාතනයක් කරපු වරදට, අධිකරණයේ නඩු පැවරිය යුතු වෙනවා . කොහොම උනත් මෙයාගේ හොරකමට නියම දඬුවම එවෙලේම ලැබුණා නම් ශෝයි අනේ!