IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විදුලි රැහැන් කපන්න ගිහින් අවසන් ගමන් යයි

(කේ. බුද්ධික කුමාරසිරි)


මාලබේ තලාහේන ප්‍රදේශයේ සවිකර තිබූ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක තිබූ විදුලි රැහැන් කැපීමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇතැයි මාලබේ පොලිසිය පවසයි.

මාලබේ පොලිස් ස්ථානයට අද (14) උදෑසන ලද 119 දුරකථන පණිවිඩය අනුව මාලබේ පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම ට්‍රාන්ස්ෆෝමරය අසල බිම වැටී සිටි පුද්ගලයෙකු දැක පොලිස් ජීප් රථයෙන්ම මුල්ලේරියාව  රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් එම පුද්ගලයා මියගොස්  ඇති බවට රෝහල මගින් දැනුම් දුන් බවද පොලිසිය පවසයි.

තලාහේන ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆොමරයට නැග  තඹ කම්බි කැපිමට යාමේදි මෙලෙස විදුලි සැර වැදී ඇති බවට සැක කරන බවද පොලිසිය පවසයි.

මිය ගොස් සිටි පුද්ගලයා වයස අවුරුදු - 35 ත් 40 ත් අතර පිරිමි පුද්ගලයකු වන අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මේ වනතෙක් තහවුරු කර ගැනිමට නොහැකි වු බවද පොලිසිය පවසයි.



අදහස් (4)

විදුලි රැහැන් කපන්න ගිහින් අවසන් ගමන් යයි

පන්සිළු Tuesday, 14 October 2025 11:50 AM

තවත් ජීවත් වුණානම් වෙන්නෙ කුඩු ගහලා මැරෙන එක.

:       0       21

පුවක්දණ්ඩේ විමලේ Tuesday, 14 October 2025 11:58 AM

මොහුට සහ මේ වගේ අනෙක් අයටත් ඉක්මනින්ම නිවන් සුව ලැබේවා. පොහොට්ටුවේ අය මට බනින්න එපා.

:       3       32

ගුණරත්න Tuesday, 14 October 2025 01:15 PM

ට්‍රාන්ෆොමර් නම් ජෙප්පො නේ. කාලෙක කරපු වැඩ කිඩ ආපහු දාන්න හැදුවද දන්නේ නැහැ නේ

:       16       1

Nandalal DE SILVA - FRANCE Wednesday, 15 October 2025 03:45 AM

මේ වගේ ගොබ්බයෙක් “live” විදුලි කම්බි කපන්න එවපු මුදලාලි අල්ලගෙන මිනිස් ඝාතනයක් කරපු වරදට, අධිකරණයේ නඩු පැවරිය යුතු වෙනවා . කොහොම උනත් මෙයාගේ හොරකමට නියම දඬුවම එවෙලේම ලැබුණා නම් ශෝයි අනේ!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site