(රංජිත් රාජපක්ෂ)
විදුලි බිල්පතක් පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවෙකුට රුපියල් දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා නියෝග කළේය.
අද (17) අධිකරණය හමුවේ වරද පිළිගත් බැවින් එම දඩය නියම කෙරිණි.
මෙසේ රුපියල් දස දහසක දඩයක් ගෙවිමට නියෝග කරනු ලැබුවේ හැටන් හිජිරාපුර පදිංචි එස්.සෙල්වකුමාර් නැමති අයෙකුටය.
ඔහු හැටන් නගරයේ පැති විදියේ ඔහුගේ නිවසේ විදුලි බිල්පත පරිසරයට මුදා හැර තිබිණි.
හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා සැකකරුට එරෙහිව කසල පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් පරිසර පනත යටතේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධිත රටක් ලෙස දඬුවම සැර මදි...!
කෝටි ගණන් විදුලි බිල නොගෙවා ඉන්න අයට, දේශපාලුවන්ට එහෙම අවුලක් නැතිව ඇති. එක රටක එක නීතියක් කියලයි කියන්නේ...
පරණ අනවශ්‍ය විදුලි බිල්පතක් කසල ගොඩට දමන්නේ නැතිව කන්නද කියන්නේ..? කෝ මේ නඩුකාරයා...?
රුපියල් කොටියක පමණ විදුලිබිලක් නොගෙවපු මනුස්සයට කිසිම දඩුවමක් ැත, අපි ජිවත් වෙන්නෙ සිංපුරුවෙද?
සිංගප්පුරුවෙ ක්‍රමයට දඩුවම් දෙන්ඩ නම් සිංගප්පූරුවෙ වගෙ මනුෂ්ශයො ගැවසෙන ස්ථාථානල ප්‍රානවත් ලෙස කසල බදුන් ස්තාපිත කල යුතුය, ඉබන්ගෙන් පිහාටු බලපොරොත්තු වෙන්න එපා , මෙය උසාවියෙ වරදක් නොවෙ , නඩුවක් පවරල නඩුව ඔප්පු කරහම විනිසුරුට තීන්දුවක් දෙන්න සිදු වෙනව , නමුත් මෙම නඩුව පවරපු නිලාරිය දෙදෙක් සිතිය යුතුය.
මේ තීන්දුව දුන්නේ මන්ද බුද්ධික අයෙක්ද?
අපරාදේ කුනු කන්ටේනරයක් ගෙනාවනම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න තිබුනා
නීතිය භාවිතා කරමින් මිනිස්සුන්ට හිරිහැර කිරීමත් නීති විරෝධියි. වර්තමානේ ක්‍රියාත්මක වන නීති සහ වර්තමානේ ක්‍රියාත්මක නොවන නීති කියලා රීතියක් තිබෙනවා. එහෙම එක් පුද්ගලයෙක් ඉලක්ක කරලා නීති ක්‍රියාත්මක කරන්න බැහැ.
දඩ ගැසීමට හේතුව කුමක්ද?
විදුලි බිල පමණද? තවත් කසළ තිබුණාද? සමහරුන් කසළ ගොඩගහනවා. ඒ අයට දෙන දඬුවම මොකක්ද? මේක පුද්ගලික තරහකට කරපු පැමිණිල්ලක්ද? අත්හිටවූ සිරදඬුවමක් දුන්නා නම් සාධාරණයි...
ඔන්න ඒකත් හිඟන්නගේ පාත්තරේට මිස කම්බ හොරුන්ට නොවේ...