
(යොහාන් භාසුර)
ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව කඩිනමින් දැනුවත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම ලිපිය අද (31) පෙරවරුවේ විදුලිබල මණ්ඩලයට යොමු කළ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
ඩීසල් ලීටරයක් රුපියල් 80 කින් අඩු කිරීමට රජය පෙරේදා (29) කටයුතු කළ අතර ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සහ ගල්අඟුරු මිල පහත වැටී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිභෝගිකයන්ට විදුලිය සම්බන්ධ කටයුතු පහසුවට තියෙන ඇෆ් එක බිල වැඩිවීමට සමගාමීව වෙනස්කර නැහැ. ඉතින් වැඩිවෙන්නේ කොහොමද බලාගන්න අමාරුයි.. තියෙන ඇප් එකේ ආකාරයට සැකසුවෝත් ලැබෙන මුදලත් මනු කියවන්නා දෙන බිල අතර විශාල වෙනසක් තියෙනවා... ඇත්තටම මොකක්ද ස්ථාවර ගාස්තුව කියන්නේ? මොකටද ඒක තියෙන්නේ? පාරිභෝගිකයින් තබන තැන්පතු සඳහා පොලියක් නැද්ද?... පැහැදිලි කරන්න
මණ්ඩලයේ එවුන්ට සහ ඇමැතියාටත් ඔවුන්ගේ ගජමිතුරු කැලටත් සුරසැප විඳින්න විදුලිය ගාස්තු වැඩිකිරීම ඉතාමත් අසාධාරණ වැඩක් කියන්න පුළුවන්... ඇත්තටම විදුලි බිල් සඳහා විදුලිය ඉල්ලුම් කිරීමේදී තැන්පතු තබාගෙන බිලක් සඳහා ස්ථාවර ගාස්තුව කියලා අයකරන්නේ මොකක්ද? බිල් අයකිරීම, අය ක්‍රමය එක්එක් අයට වෙනස් වෙන්නේ කොහොමද? බිල්පත් මගින් දැනුවත් කරන්න...