(සුජිත් හේවාජූලිගේ)
විදුලි ජනන සැලසුම් අඩුපාඩු අව කිරීම සඳහා ක්‍රියාමර්ග ගැනීමට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මූලිකත්වයෙන් ඇමැති අනුකාරක සභාවත් කරයි.
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් මණ්ඩලයෙන් කළ ඉල්ලීමක් අනුම මෙම අනුකාරක සභාව පත් කර ඇත.
ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන ඇමැතිවරු එම ඇමැති අනුකාරක සභාවේ සෙසු සාමාජිකයෝ වෙති.
පුනර්ජනනීය බලශක්තිය උපරිමයෙන් යොදාගත් විදුලි ජනනයෙන් සියයට 70ක් පිවිතුරු බලශක්ති ප්‍රභවයන් විය යුතු බව සෞභාග්‍යයේ දැක්මෙහි අවධාරණය කොට ඇති හෙයින් 2025 වසර වන විට ඩීසල් හා දැවිතෙල් භාවිතයට සියයට 5 දක්වා අවම කිරීමත්, 2030 දී එය සියයට එක දක්වා සීම කිරීමත් විදුලිබල අමාත්‍යංශයේ පිළිවෙත බව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කාරක සභා දාගෙන කාලය නාස්ති කරන්න එපා. පුනර්ජනනීය බල උත්පාදනයට ලෝකෙම රටවල් යොමු වෙද්දී කොමිස් බලාගෙන ඉන්ධන බලාගාර හදන්න නටන්නේ මොකද කියලා රටම දන්නවා. ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකෙන් ඩොලර් එක ගානේ හම්බ කර ගත්ත අයත් හිටියනේ. කරුණාකරලා බොරුවැඩ නවත්වලා මහජනතාවට සූර්යකෝෂ පද්ධති භාවිතයට යොමුකරවන්න. විදුලි බල මණ්ඩලේ මාෆියාව දැන්වත් නවත්වන්න.