
(යොහාන් භභාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය මස අවසනය වන විට විදුලි ඒකකයකින් රුපියල් 12 ක පාඩුවක් ලබන බවත් ඒ අනුව මාසික පාඩුව රුපියල් බිලියන ගණනක් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
විදුලි එකකයක පිරිවැය රුපියල් 23 සිට පසුගිය මාස අවසන් වන විට රුපියල් 29 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව කී එම නිලධාරියා එය එසේ වුවද විදුලි ඒකකයක් රුපියල් 17 කට අළෙවි කිරීමෙන් රුපියල් 12 ක් පාඩුවක් ලබන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය ලෙස මණ්ඩල බඳවාගත්තාම, ඔවුන්ට අනවශ්‍ය ලෙස දීමනා දුන්නාම, එයටත් වඩා දූෂණය රජවුණාම සහ කළමනාකාරීත්වය අනන්තයටම දුර්වල වුණාම පාඩු නොලබා තියේවිද? පාලක ගොන් හැත්තගේ නොමනාකම් වලට වන්දි ගෙවිය යුත්තේ මෙරට ජනතාවද? පාඩු ලබනවා කියල උජාරුව... මේ අයගේ නමත් සඳහන් කරන්න..
සහන දිය යුත්තේ අඩු ආදායම් ලාභීන්ට පමණයි. මේ රටේ කෝටිපතියන්ටත් නොමිලේ අධ්‍යාපනය, සුව සේවා, ලාබෙට විදුලිය ලැබේ. ඉතින් හැමදාම රජයේ ආයතනවලට පාඩුයි...
ලක්ෂ ගණන් පිංපඩිකාර අතිරික්ත සේවක රැල අයින් කරන්න. ලාබවෙයි. ඒත් බැරිනම් පුද්ගලික අංශයට දෙන්න....
අර පිටින් විදුලිය හැමවිටම ගන්න සැදී පැහැදී සිටින කොමිස් කාක්කන්ගේ කොමිස් මුදල් අඩුකළ පසු ලාභය/පාඩුව කොපමණද? හරි විගණනයක් දෙන්නකෝ...
පිරිවැය අඩුකරන තාක්කල් මෙම ප්‍රශ්නය එකතැනමයි...
නැතුව නැතුව... එක බිලට කෝටි ගණනක් හිඟ බිල් අනන්ත ඇති. ඒවා අයකර නොගෙන කෙනෙක් පාඩුයි කියනවා. තව කෙනෙක් ඊයේ කියලා තිබුණා 2014න් පස්සේ වැඩිකලේ නැහැ... ඒ නිසා වැඩිකළ යුතුයි කියලා.. ඇත්තටම මෙහෙම කියන්නේ සාමාන්‍ය මිනිහාගේ බිලේ හිඟ ගාස්තු නොගෙව්වොත් විසංධි කිරීමට අමතරව නැවත දීමට සම්බන්ධතා ගාස්තුවට අමතරව දඩ මුදල් අයකරනවා කියමින්. ඇත්තටම මහත්තයෝ දයාසිරි ඇමැතිවරයා කියලා තිබුණා ඔහුගේ වහලයේ සවිකල සූර්ය පැනල සඳහා සම්බන්ධතා දුන්නේ නැහැ කියලා... මණ්ඩලයේ මහත්වරුනි, ඔබලා බලන්නේ පුද්ගලික ලාභය ගැන පමණක්ද?
කියන වෙලාවට කපන්නේ නැති එකට මුකුත් කරන්න බැරිද? පරක්කු වෙලා කැපුවත් කමක් නැහැ.. ආපහු දෙනවා කිව්ව වෙලාවට දෙනවා නම්...!
විදුලි මණ්ඩලේ ජරාම තැනක්. වැඩක් කරවා ගන්න ගියාම උන්ට වඳින්නේ නැති එක විතරයි. සෝලා එකක් සවි කරගන්න ගියාම දෙන කරදර..
විදුලිය සම්බන්ධ ප්‍රාදේශීය කටයුතු බලධාරියා වන්නේ ප්‍රාදේශීය ලේකම් වුණත් මණ්ඩලයේ අය ඒවා දන්නේ නැහැ.. විදුලි විරෝධතා ගණන් නොගෙන ජනතා පීඩනය ඇතිකරමින් ඔවුන් කටයුතු කරන්නේ මුදල් නැහැ කියමින්...!
අර නිව්ස් එකක තිබුණේ ඇමැති කෙනෙක් ලක්ෂ 83ක් ගෙවන්න තිබෙනවා කියලා. කවදාද මේ වගේ ණය අයකර ගැනීමට හැකි වටපිටාවක් ඇති වෙන්නේ. ඒ ණයවල බර ගෙවන්නේ අහිංසක මිනිස්සු...!