IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


වෛද්‍යවරයාට පහරදුන්නට නිහඬ විරෝධයක්

(ක.ගකරුණාරත්න)

පොලොන්නරුව ජයන්තිපුර ග්‍රාමිය සහ පුනරුත්ථාපන රෝහලේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයකුට පෙරේදා(21)පස්වරුවේ බීමත්ව පැමිණි පුද්ගලයකු  සිදුකල පහරදීම හෙලාදකිමින් එම රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරත වූහ.

මෙම අමානුෂික පහරදීමේ සිද්ධිය හේතුවෙන්  එම රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලය සිය රාජකාරීවලින් ඉවත්ව සිටින අතර රෝහල තාවකාලිකව වසාදමා තිබේ.

රෝහලේ නේවාසිකව සිටි රෝගීන් සියලුම දෙනා වෙනත් රෝහල්වලට මාරුකර යවා ඇතැයි ජයන්තිපුර ග්‍රාමීය හා පුනරුත්ථාපන රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී, වෛද්‍ය සුරංග හේවාවිතාරණ මහතා ප්‍රකාශ කලේය.

වෛද්‍යවරයාට පහරදීම සම්බන්‍ධයෙන් මින්නේරිය පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශය් පදිංචිකරුවකු බව අනාවරණයවී ඇත.

 



අදහස් (2)

වෛද්‍යවරයාට පහරදුන්නට නිහඬ විරෝධයක්

kasun Saturday, 23 July 2022 05:47 AM

මේ රටවල් හදන්න බෑ. බීපු මනුස්සයෙක් ඇවිත් ගැහුවා කියලා රජය පළි නෑ. ඒකට ස්ට්‍රයික් කරලා ලෙඩ්ඩු මාරු කරලා රෝහල් වසා දමනවා නම් මේ උගත් මෝඩයොත් එක්කත් රටවල් හදන්න බෑ. අඩු තරමේ පොලිසියත් දවසක් දෙකක් දීලා අත්අඩංගුවට ගන්නේ නැතිනම් ස්ට්‍රයික් කළාට කමක් නෑ.

:       0       0

nalin Wednesday, 27 July 2022 07:29 AM

රජයේ ස්පිරිතාල වලට ගියාම ඉතින් කාටහරි නෙලන්න හිතෙන අවස්ථා අනන්තයි. කිසිම ප්‍රොෆෙෂනල් ගතියක් නැති අය තමයි ඔය ඉස්පිරිතාලවල වැඩ කරන්නේ... ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන්ගේ වියදමින් අපිට බෙහෙත් කරනවා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30557 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12560 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 793 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site