(රේඛා තරංගනී ෆොන්සේකා)
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලක ගිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කමින් ඔහු ආපසු හරවා යැවු සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වෙයි.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පුද්ගලික රෝහලේ චැනල් සේවයට ගෙව් මුදලද දී ප්‍රතිකාර කිරීම් ප්‍රතික්ෂේප කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බව කියන මහාචාර්ය රනිල් ජයවර්ධන මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ කීය. පුද්ගලික රෝහලේ හෙදියට ඒ රෝගියාව බලන්න බෑ කීවා මිස වෙනත් කිසිවක් එම අවස්ථාවේ සිදු වූයේ නෑ.
හෙදිය ප්‍රසන්න රණතුංග මහතාව දැනුවත් කරන්නට ඇති. ඒ අනුව ඔහු රෝහලෙන් පිටව යන්නට ඇති..
ඉන්ධන නැතිව,විදුලිය නැතිව ඉහල ගිය බඩු මිල සමග දුක් විදින ජනතාව අරගල කරමින් ඉල්ලන දේ නොඇසෙන සේ සිටින අමාත්‍යවරුන් බැලීමටවත් සිතන්නේ නෑ.
ප්‍රසන්න රණතුංග මහතාට මීට පෙර අවස්ථා දෙකකදී ප්‍රතිකාර ලබා දුන්නා. මෙවර පැමිණ තිබුණේ තුන්වෙනි වතාවටයි.
මේ වන විට ජනතාව මහමග දුක් විඳිනවා. මේ පිළිබඳව අදාල අමාත්‍යවරු අවධානය යොමු කළ යුතු බවද පැවසීය.
දේශපාලනඥයා යනු තවදුරටත් විශේෂිත පුද්ගලයකු නොවේ. ඔවුන්ට විශේෂත්වයක් දී සැලකීම මින් ඉදිරියට සිදු නොකිරීමට විශේෂඥ වෛද්‍යවරු තීරණය කර තිබෙනවා.
ප්‍රසන්න රණතුංග මහතා සමග පුද්ගලික විරුද්ධත්වයක් නෑ. දේශපාලඥයන් රජයේ රෝහල්වලට යොමු කළ යුතු බව පැවසීය.
මෙම සිදුවීමෙන් ඇතැමෙක් වෛද්‍ය ආචාර ධර්ම කඩ වූයේ යැයි හුවා දැක් වුවත් එවැනි කිසිදු වෛද්‍ය ආචාර ධර්මයක් කඩ වන්නේ නෑ. ඒ මහතා අමාත්‍යවරයා සිටියේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයක නොවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට බොහෝ ආදරේ නම් චැනල් සේවාව මිල අඩුවටත්, රජයේ රෝහල් රාජකාරියට හරියටමත් කළ යුතුව ඇත. නැත්නම් මෙවැනි දේ තවත් එක් රඟපෑමක් විතරක් වේ..
දොස්තර වරයෙකුට තමුන් පිළිකුල් කරන හෝ තරහක් හෝ ඇති කෙනෙකුට හදිසි අවස්ථාවකදී හැර ප්‍රතිකාර කිරීම ප්‍රතික්ශේප කළ හැක. එසේ කළ යුත්තේ එම අතිශය පිළිකුල හෝ තරහ නිසා අපක්ෂපාතීව, කිසිඳු බැඳීමක් නොමැතිව තීරණ ගැනීමට නොහැකි වීමට ඉඩ තිබෙන බැවිනි. දොස්තර කෙනෙකු තම පවුලේ අයට සාමාන්‍යයෙන් ප්‍රතිකාර නොකරනුයේද එවැනි හේතු මතයි...
මේවා අරගලය දියාරු කරන්න, අපව එපා කරවන්න දේශපාලකයින්ට අනුකම්පා සීන් එකට යවන්න ගහන කූඹිගේම් එකක වැඩ. අපි ඔක්කෝම වැඩ දාලා මේවාට එන්නේ පාලකයින් එළවන්න. හැබැයි මේ දොස්තර මහත්තයා බෙහෙත් දීලා නැත්තේ වාහන පර්මිට් දුන්නේ නෑ කියලා...
ඔබතුමා කළ දේ හරි... ඕක තමයි වෙන්න ඕනෙ අද රටේ. ජීවිත අවදානමක් තිබ්බා නම් තමයි හොඳ නැත්තේ. මෙතන එහෙම එකක් නෑ. යවපු එකම තමයි හොඳ...!
සියලු ශ්‍රී ලාංකිකයින් එකම විදිහට දුක් විඳිද්දී හැමෝම තමන්ගේ විරුද්ධත්වය හැකි සෑම විදිහටම දේශපාලකයින්ට විරුද්ධව දැක්විය යුතුයි. මේ දොස්තර මහතා කළ දේ පැසසිය යුතුයි. ඇයි මේ වගේ පොලීසියටත් හමුදාවටත් වැඩකරන්න බැරි? හදවතට එකඟව වැඩකරන්න කාලේ හරි..
නියමයි වෛද්‍යතුමා...! අපේ ආචාරය...!
මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නේ පුස් වෙඩිල්ලක්... දොස්තර මහත්තයා සහ රෝහලේ සේවක මණ්ඩලය ගැන බොහොම ආඩම්බරයි.
අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා කරන්න තිබුණු වැඩක්. නූගතුන් ඉදිරියේ උගතුන් පාච්චල් නොවිය යුතුය. උගත්කම ලෝකයේ කොහේ ගියත් පවතියි. නූගතුන් පමණක් මෙහෙ රජකරති.
මිනිස්සු වේගයෙන් තිරිසන්නු වෙමින් පවතියි.
කොන්දොස්තරලාත් මීටවඩා ආචාරධර්ම රකිනවා.
රෝගියා කවුරු වුණත් ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයා සතු යුතුකමක් හා වගවීමක්... දැන් මේ රටේ පහත් තත්ත්වයට වැටී නැත්තේ කවුරුන්ද යන්නයි ප්‍රශ්නය..?. මහජන මුදලින් පඩිගන්න නැවත මහජන මුදල් පුද්ගලික චැනෙල් වලින් කොල්ලකන මේ අයට කියන නමක් යෝජනා කරමු.
වර්තමානයේ සිටින සියලුම දේශපාලුවන් තවදුරටත් විශේෂිත පුද්ගලයින් නොවේ. මහාචාර්ය රනිල් ජයවර්ධන මැතිතුමාට ශ්‍රී ලංකා වාසී සියළු මහජනතාවගේ ස්තූතිය...!
අද කී දෙනෙක් මේ දේශපාලුවන්ගේ හොර වැඩ නිසා බෙහෙත් නැතිව අසරණ වෙලා ඉන්නවද? කී දෙනෙක් බෙහෙත් නැතුව මැරෙනවද? බෙහෙත් දීම ප්‍රතික්ෂේප කිරීම හොඳ වැඩක් නොවුණත් මේ අයට මෙහෙම කළේ නැතිනම් හරියන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාව අගය කරමි.
අලුත් රටක් අපි හදමු...
කවුද කෙනෙක් " පශු වෛද්‍යවරයෙක් ළඟටනේ යන්න තිබ්බේ" කියලා ලියලා තියෙන්නේ මොකද කියලයි මම මේ දස අතේ කල්පනා කරන්නේ...? යකඩ මල්ලට ගුල්ලෝ ගහලද මන්දා අනුරාධපුරේදී ‘හූ‘ කියන්නත් මිනිස්සු පෙළගැහිලා ඔන්න...
රෝගියෙකුට ප්‍රතිකාර නොකර සිටිමට වෛද්‍යවරයෙකුට වෘත්තීය අයිතියක් ඇත. එමෙන්ම ප්‍රතිකාර නොකර සිටීමට බොහෝ තාක්ෂණ කරුණු ද තිබිය හැකියි. නමුත්, මේ සිද්ධියේදි වෛද්‍යවරයා මෙම ඇමැතිවරයාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන්නේ වෙනත් කාරණා නිසායි. රට වැසියෙකු ලෙස වෛද්‍යවරයාගේ මෙම ක්‍රියාව හෙලා දකිමි. මේ රටේ තිබෙන පාදඩ දේශපාලනය හමුවේ දේශපාලකයාට මෙන්ම වෘත්තිකයාට තමන් මනුෂ්‍යයෙකු බවත් මනුෂ්‍යත්වයත් අමතක වීමට තරම් සිහිවිකල් වී ඇත..
චැනල් වේලාවට අවම වශයෙන් පැය භාගයක්වත් පමා වී එන, චෙක්අප් හැම එකක්ම ලියා දෙන, රෝගියෙකු අතින් නොඅල්ලන, හැමදේම හෙදිය හරහා කරගන්නා, අය උඩ ගිය තරම්...!!!
අපේ රටට තවත් වැරදි අවශ්‍ය නැහැ.
ඇයි මේ ගොල්ලන් දෙන රජයේ සේවාව ලබාගන්න බැරි?
රෝගීන්ට ප්‍රතිකාර කරන්න ගියාම රෝගියාගේ ලොකු පොඩිකම් හොයනවා නම් ඒ වෙදකම බාල්දු කිරීමක්.. හිරෝ වෙන්න ගිහින් සීරෝ වුණු ඩොක්ටර්...
මේ දොස්තර මහත්තයා වීරයෙක්....