(රංජන් කස්තුරි)
හෙද ඉල්ලීම් ජාතික වැටුප් කොමිසමට යොමුකර ජාතික වැටුප් ප්රතිපත්තියමත තීන්දු තීරණ ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ කිරීමට රජය අපොහොසත් වුවහොත් අකමැත්තෙන් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.
ජාතික වැටුප් ප්‍රතිපත්තියට පිටුපා අත්තනෝමතික ලෙස සෘජුවම කැබිනට් අනුමැතිය ලබාගැනීමට උත්සහ කිරීම තුළින් මුළු රාජ්‍ය සේවයම අර්බුදයකට ලක්වන බවද ඔහු පැවසීය.
යම් කණ්ඩායමකට වැටුප් ගැටළු ඇත්නම් ඔවුන් යා යුත්තේ ජාතික වැටුප් කොමිසමට බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පාදඩදෙණිය ඇතුළු නඩේ කුහකකම් ....
මේ කාලකණ්ණින්ගේ වැඩ ගැන කණගාටුයි. වහාම රටේ ජාතික වැටුප් ප්‍රතිපත්ති පිළිබඳ කොමිසමක් කැඳවා සමස්ත රාජ්‍ය සේවයටම තිරසාර විසඳුමක් ලබාදෙන්න. එකිනෙකා සනසවන වැඩ වහාම නැවැත්විය යුතුයි.
ඉතා හොඳ තීරණයක්.
මොකද අකැමැත්තෙන් බරපතල වර්ජන හඳුන්වා දුන්නේ ඔයගොල්ලෝ නේද?
දැන් මෙයාලත් ස්ට්‍රයික් කරන්නද යන්නේ නර්ස්ලා පඩි වැඩිකරගත්තාට. සෞඛ්‍ය සේවයේ වැඩි හරියක් ඉන්නේ කුහකයින්ද කියලා හිතෙනවා. මේ වගේ වෙලාවක අහිංසක මිනිසුන්ව බිල්ලට තියලා තමන්ගේ වැඩ කරන්න හදන්නේ... දොස්තරලා, නර්ස්ලා, ඉතුරු කට්ටිය ඔක්කෝටම මතක නැහැ ආණ්ඩු එක්ක සෙල්ලම් කරන්න ගිහින් ඉවර කරන්නේ ආණ්ඩුව නෙවෙයි අහිංසක ජීවිත කියලා... ඉස්සෙල්ලාම මේ ලෙඩේ පාලනය වන දේ කරන්න. එයයි ඔබගේ යුතුකම... ඊට පස්සේ ආණ්ඩුව එලවන්න හෝ වෙන ඕනෑම දෙයක් කරන්න...
මෙහෙමත් වෘත්තීය සමිති තිබෙන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති... අහිංසක ලෙඩ්ඩුන්ට තිබෙන ලෙඩ අසනීප තවත් වැඩිවෙනවා. වෘත්තීය සමිති කරන විකාර නිසා. රට පුරාම කොරෝනා වසංගතය පැතිරෙනවා. නිදහස් අධ්‍යාපනයෙන්, ඉගෙනීම ලබා මහලොකුවට උගතුන් කියාගන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙවැනි පහත වැඩ නිසා රටේ මිනිසුන් කොතරම් අසරණ වෙනවද? ලක්ෂ පනහක් පමණ රජය වියදම් කරනවා මේ එක වෛද්‍යවරයකු වෙනුවෙන්. රටේ මහජනතාවගේ මුදල්වලින් ඉගෙනීම කරලා ඒ මිනිස්සුන්ම තවතවත් අසරණ කරනවා. වෙනත් රටවල වෛද්‍ය කාර්යමණ්ඩල පඩි නැතිව වැඩකරනවා. කොරෝනා වැනි වසංගතයක් රට තුළ පවතින අවස්ථාවක වෘත්තීය සමිති කරන්නා වූ මෙවැනි අමානුෂික පහත් කඩාකප්පල්කාරි ක්‍රියාවන්ට විරුද්ධව රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ මානුෂික හේතුන් වෙනුවෙන් රටේ අධිකරණයට යාමට කිසිවකු නැතිද? මෙම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සදා කාලයටම තහනම් කළ යුතුවේ. අහිංසක ලෙඩුන් රෝහල් වෙත පැමිණෙන්නේ ඔවුන්ගේ අසරණ කම නිසායි. රුපියල් සත වෙනුවෙන් සහ තනතුරු වෙනුවෙන් බෞද්ධ රටක් තුළ සරණක් බලාපොරොත්තුව රෝහල් වෙත පැමිණෙන අසරණ මිනිසුන් මේ ආකාරයට තලා පෙලා අසරණ කිරීමට තරම් ඔවුන් කර ඇති වරද කුමක්ද?