
(යොහාන් භාසුර)
වෛද්‍ය වෘත්තිකයන් කාලයක් තිස්සේ මුහුණ දෙන සැබෑ වෘත්තිය ගැටලු, ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්ගේ ගැටලු සහ ජාතික රෝහලේ රෝගී සත්කාර සේවාවන් ඉහළ නැංවීම සඳහා ගත යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුවත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා පැවසීය.
වෘත්තීය සමිතියක බලපෑම නිසා වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු වැඩපිළිවල තුළ මේ වන විට උද්ගත වී ඇති බරපතල ගැටළු සහගත තත්වය, වෛද්‍යවරුන්ගේ වැටුප් සහ වැටුප් වර්ධක සම්බන්ධයෙන් ඇති වූ විෂමතා නිවැරැදි කිරීම, වෛද්‍යවරුන්ගේ දීමනා පිළිබඳ ගැටලු ආදි මෙතෙක් නොවිසඳුණු ගැටළු රැසක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ බවත් එම කරුණු ක්‍රියාත්මකවීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විමසිල්ලෙන් සිටින බවත් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා කීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේදී එම දැනුවත් කිරීම කර තිබේ.
රජයේ වෛද්‍ය නිගධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සහ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා යන මහත්වරු ඇතුළු විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුනවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වන විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, විශේෂඥ වෛද්‍ය එස්. විජේසූරිය සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදේශක වෛද්‍ය අජිත් මෙන්ඩිස් යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවේ ප්‍රශ්න තියෙන්නේ ගුරුවරුන්ට විතරයි කියලා, බලාගෙන ගියාම දොස්තරලාටත් මාර ප්‍රශ්නනේ.... ජනතාවට දෙවියන්ගේම පිහිටයි.
සර් ආපු දා ඉඳන් රටට කෙළවිලයි තියෙන්නේ. මීටවඩා හොඳයි මිස්ටර් බීන් සිරිසේන.
අපි හිතාගෙන හිටියේ ලංකාවේ පීඩිත පන්තියේ අයට තමයි ඉහටත් උඩින් ප්‍රශ්න තියෙන්නේ කියලා...
දීමනා ඇතුළුව රජයෙන් පමණක් මේගොල්ලෝ අවම වශයෙන් ලක්ෂ 4කට වඩා ගන්නවා. තව මොනවාද ඉල්ලන්නේ? ගුරුවරුන්ගේ සොච්චං වැටුප් වැඩිවීම සම්බන්ධව මේගොල්ලෝ විරුද්ධ වන බවත් කියවෙනවා. අනේ අනිච්චං