(සිරංගිකා ලොකුකරවිට සහ ජී.ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා අද (2) උදෑසන මියගිය බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග පවසයි.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ ඔහු රෝගාතුරවන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කළේය.
රාගම රෝහලේ සිට කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබූ අතර දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහුට කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු මගින් සිදුකරන වායු හුවමාරුවේ ගැටලුවක් ඇති වී තිබිණි.
ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකරන ලද්දේ එවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල බැවිනි.
මෙම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මේ වනවිට කොරෝනා ආසාදනය වී ප්‍රතිකර ලබමින් සිටිති.
මෙම වෛද්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහුගේ පියා ද වෛද්‍යවරයෙකි.
කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වෛද්‍යවරයෙකු මියගිය ප්‍රථම අවස්ථාව මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ හදපිරි කණගාටුව සහ ශෝකය පව්ලේ සැමටම පුදකර සිටිමි. සසර පුරා කිසිඳු දිනක මෙවන් උරුමයන් ඔබට අත් නොමවේවා...!!!
අප වෙනුවෙන් සේවය කර , අප වෙනුවෙන් දිවිදුන් සහෝදර වෛද්‍යතුමන්ට නිවන් සුව පතමු... පවුලේ සියලු දෙනාටම ඉක්මන් සුවයද පතමු.
හරිම දුකයි. එතකොට ලංකාවටම ‘‘එක්මෝ‘‘ එකයි තියෙන්නේ? හැබැයි කාලකණ්ණි දේශපාලකයෝ යාන වාහන නම් බී.එම්.ඩබ්ලිව්., බෙන්ස් කොච්චරද? මේ අය තවම ගමටත් එනවනේ ලැජ්ජා නැතිව...
"ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකරන ලද්දේ එවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල බැවිනි".. අපි තව මැණික් කුළුණු හදමු. වන රක්ෂිත විනාශකර කාපට් පාරවල් හදමු.. ඔබතුමාට නිවන් සුව පතමි.
සුගතිගාමි භවයන් අතර ඉපිද ධර්මාවබෝධය ලබා ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ අජරාමර නිවන අවබෝධ වේවා..!!!
ඔබතුමාට නිවන් සුව අත්වේවා..!!!
ඔහුට නිවන් සුව පතමි! පාලකයින්ගේ නිරුවත එළිවී ඇති නිසා තවත් පැණි, දුම්, කසාය මුට්ටි පස්සේ නොදුවා මිනිසුන් ගොනාට නොඅන්දවා ඇත්තට මුහුණ දී ක්‍රියා කරන ලෙස පාදෙණිය ඇතුළු වහල් රැලට මතක් කර සිටිමි.
අයියෝ මේ රටට මොකද මේ වෙන්නේ..?
මෙසේ රටට අහිමි වන්නේ, රාගම රෝහලේ ශල්‍ය ඒකකයේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතායි. ජීවක පරපුරේ විශිෂ්ඨයෙකි..
හදවතින්ම බලවත් ලෙස කණගාටු වෙමි.මේසන් බාස්ලා පස්සේ යමින්, මුට්ටි පාකරමින්, වෛද්‍ය මතයට වඩා රට රවටන හොරුන්ගේ පස්සේ ගොස් ලෙඩේ වැපිරූ අනුවණ මිනිසුන් නිසා සිදුවූ තවත් විපතකි මේ...
අර කොරෝනා අරමුදලෙන් වට්ටක්කයි, කෙසෙලුයි ගන්නේ නැතිව ECMO මැෂින් එකක් ගන්නයි තිබ්බේ.
වෛද්‍ය තුමන්ට නිවන් සුව පතමු...
මේ යන්ත්‍රයක වියදම ලක්ෂ 120ක් විතර වෙනවා. ලංකාවේ ඉන්න මන්ත්‍රීවරු පදින ජීප් එකක් ලක්ෂ 350කට වඩා වැඩියි.
හරිම කණගාටුදායකයි. ලංකාවට ඇත්තේ එකම ECMO මැෂින් එකක් විතරයි ඇසීමත් මොනතරම් අවාසනාවක්ද? බලලෝභී දූෂිත දේශපාලකයන්.., ලෙඩුන් ගසා කන දොස්තරලා ඉන්නේ. තවත් මොන කතාද?