(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ රටක් සිටින බවට පිළිගත හැකි සාක්ෂි කිසිවක් නැතැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (31) පැවැසීය.
විදේශ රටවල තානාපති කාර්යාල මෙරට දේශපාලන ක්‍රියාදාමයට සම්බන්ධ යැයි තොරතුරු පැතිරෙන්නේ ගොසිප් වෙබ් අඩවි , ඇතැම් සමාජ මාධ්‍ය ජාලා වල පමණක් බවද වික්‍රමසිංහ මහතා මෙහිදී කීය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ විදේශ ප්රවෘත්ති ඒජන්සි කීපයක මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව ද මාධ්‍යවේදීහු එහිදී ප්‍රශ්න කළහ.ඊට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.
එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරදවා බලයෙන් පහ කර රටේ ප්රජාතන්ත්රවාදය යලි ස්ථාපිත කිරීමට නම් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ප්‍රබල මතයක් පැවතුනා.සිවිල් සංවිධාන සහ ඇතැම් දේශපාලන පකෂ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් පත්කළ යුතු බවට වන ස්ථාවරයෙන් තදින්ම සිටියා.
ඇතැම් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන විසින් පොදු අපේක්ෂකයෙකු සඳහා නම් කීපයක්ම ඉදිරිපත් කළා.හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංහ මහත්මිය පොදු අපේක්ෂක සඳහා සුදුසු යැයි යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතායි.සමහර සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පිළිබඳ යෝජනායට විරුද්ධ වුයේ නැහැ.ඇතැම් දේශපාලන පක්ෂ ඒ අවස්ථාවේදී යෝජනා කළේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වන්නේ නම් තම පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බවයි.
සිවිල් සංවිධාන හා ඇතැම් දේශපාලන පක්ෂ කළ යෝජනාව අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කර එක්සත් ජාතික පක්ෂය මගේ යෝජනාව සම්මත කිරීමත් සමඟ පොදු අපේක්ෂකයාට සහාය දීමට බොහෝ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන පෙළ ගැසුණු බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා පත් කිරීමට ඔබ දැක්වූ සහය ගැන කාටවත් විවාදයක් නැත. ප්රශ්නය ඇතිවන්නේ ඔබ කළ ජනතා විරෝධි පාලනයයි. රටවැසියන් පීඩාවට පත්කළා. හැම අතින්ම අන්තර් ජාතික වශයෙන් අප රට විනාශ කළා. ජනතාවගේ බලාපොරොත්තු අමු අමුවේ පාගලා දැමීමා. රණවිරුවන් බෞද්ධ භික්ෂූන් හිරේ දැම්මා. හැමදේටම රාජපක්ෂ ණය ණය කියකිය හිටියා මිසක් කළ වැඩක් නැහැ.. ජනතාවට ඔබත්, ඔබ පාලනයත් තීත්ත වෙලා හටියේ.. එ් නිසා මිසක් මේ වෙනස ඔබට නැවත හැරවිය හැකි වන්නෙ නැත. ජාත්‍යන්තරයට කේලම් කියන වග සැවොම දන්නවා.. එ් ගැන කතා කරලා වැඩක් නැත. දැන්වත් සජිත්, නවීන් මෙන්ම රැවන් විජයවර්ධන වැන්නවුන්ට පක්ෂය බාරදුන්නා නම් ඉවරයි. දැන් තැන දෙන්න නියම යූ.එන්.පි. කරුවන්ට... ගෙම්බන්ට නොව ...ජනතාවගෙ හද හඳුනන අයට ... වෙන විකල්ප දැන් නැත.
රතු අලි පැටවු එදා... ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකලේ කාත් සමග තිබුණු ගිවිසුමක් නිසාද කියලා දැන් පැහැදිලියි නේද..? අදත් ඔවුන් වැඩ කරන්නේ රනිල්ගේ උපදෙස් පිට තමයි.
ඒක වෙන්න ඇති... විදේශ තානාපතිවරු ගෙන්නලා අඬන්නේ...
එදා යුද්ධය අවසන් කරන්න ඉන්දියාව සමග ගිවිසුම් ගහපු ඔබතුමා, රාජපක්ෂ ජනාධිපති තුමා ඒ වැඩේ කරනකල් ඉඳල අන්තිමේ ද්‍රවිඩ ජනතාවගේ එකම ගැලවුම්කරයා ලෙස පෙනීසිටිමින්, ඒ කරපු වැඩේ යුධ අපරාධයක් ලෙසට හංවඩු ගස්සලා, බෙල්ල කපලා, බලය ගත්තා. එයිනුත් නොනැවතී අවුරුදු තුනක්ම බකන් නිලාගෙන ඉඳලා අවබෝධතාව අවසන් වුණාට පස්සේ තනියම රජවෙන්න හිතාගෙන, ධන ධාන්‍ය එකතුකළා රටේ මිනිසුන්ට සුරපුරක් මවලා ඡන්දෙ ගන්න. මෙදා ඔබතුමා ධන ධාන්‍ය එකතු කරලා විදේශ රටවල් සමග ගිවිසුම් ගහලා වැඩේ පටන්ගන්න කොටම ඔබතුමාගේ බෙල්ල කපලා එයාලා බලේ උදුරාගත්තා.. ඒ සල්ලි වලින් එයාලා රටේ සුරපුරයක් මවලා පෙන්නලා මීළඟ ඡන්දෙන් නැවත බලය ගන්න. බලන්න ඔය දෙගොල්ලොම එකතුවෙලා වැඩ කළානම් ඔය බල කාමය පැත්තකට දාල, අද රටම ගොඩ නේද? එකනේ අපි කියන්නේ ඔය කවුරු කවුරුත් බලයට මිසක් රටට ආදරේ නැහැ කියලා. අන්තිමට අපි හැමදාමත් වලේ...
ලංකාවේ ඇති මජර දේශපාලනයට, හොඳ සිහියෙන් සිටින කිසිම රටක් මැදිහත් නොවන බව අප සිහි තබා ගත යුතුයි.
මොන හෝටලේද දැන් ඔය සම්මන්ත්‍රණේ තිබුනේ?
දැන් දැන් ජවිපෙ අරමුණු පිළිබඳව සැක සංකා මතුවෙනවා...
වත්මන් දේශපාලනය පිටුපස නම් නැහැ තමයි. ඒ උනත් අර ඊයේ පෙරේදා වෙනකල් තිබුණු දේසපාලුවන් පිටුපස නම් උන්න. නැහැ කියන්න නම් එපා ඔන්න...
රූකඩ රට වෙන්දේසි කරන්න ගියේ .
රටට විදේශ බලවේග තිබුණද? නැද්ද? කියන එක දැන් හොඳින් පෙනෙනවා. ඔබට ගෙදර යන්න කාලය හරි... මේ මහජන මතයයි .