(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයට සහය දැක්වූ වත්තල නගර සභාවෙි නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනකු අද (2) නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
නැවත එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට එක්වූයේ වත්තල නගර සභා සභාපති මාර්ක් ගුණසේකර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනෙකි.
පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මුලස්ථානයට පැමිණි එම මන්ත්‍රීවරු පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහත්වරුන් සමඟ මාධ්‍ය හමුවකටද සහභාගී වූහ.
එහිදී අදහස් දක්වමින් වත්තල නගර සභා සභාපති මාර්ක් ගුණසේකර මහතා කීවෙි පසුගිය කාලයේ යම් කලකිරීම් නිසා දේශපාලනිකව අක්‍රීය වී සිටියද රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර දක්නා නායකත්වය පිළිබඳව අවබෝධ වීමෙන් පසුව නැවත පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කිරීමට තීරණය කළ බවයි.අවංක දේශපාලනඥයෙකු වන පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් ඉදිරියේ දී ඕනෑම සහයෝගයක් දීමට තමා ඇතුළු මන්ත්‍රීවරුන් සූදානම් බවද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බළවත්ව තිබූ එජාපය විනාශ කර දැමූ අයම එය නැවත ගොඩනැගීමට උත්සාහ කිරීම විහිළුවට කරුණක් ...
දැන් බය වෙන්න දෙයක් නැ
සමගිජන බලවේය දිනෙන් දින පරිහානියට පත්වෙනවා
දුර කාලය අවසන් වුනාම ඔවුන් පොහොට්ටුවට හෝ සමගි පෙරමුණට පැමිණේවි
ජාත්‍යන්තරයට ඔනි විදියට පක්ෂය ඉදිරියටත් කලොත් නැත්තටම නැතිවෙයි
පලාත්පාලන ආයතන විසුරුවපු ගමන් ආයෙ අනික් පැත්තෙ
කාගෙවත් කොන්ත්‍රාත් නැතුව රට ගොඩගනන හැදුවනම් හරි
එතකොට එක්සත් ජාතික පක්ෂයට සමුපකාර සමිති වල බලය අල්ලා ගන්න ක්‍රමවේදයක් නැද්ද ? අනිත් කට්ටිය වගේ එතැනින්නේ පටන්ගන්න තිබ්බේ. බලන්නකෝ ඒගොල්ලෝ දැන් ඉන්න තැන. නඩු සේරමත් එකින් එක වල පල්ලට යනවා.
පක්ෂය විනාශවීමට කණ්ඩායම් දෙකක් නිසා සිදුවිය පළමු කණඩායම බලයෙන් පක්ෂයේ තනතුරු ලබාගැනීමේ උත්සාහයක දී සිටි අතර දෙවන කණඩායම නායකත්වය සමග රැදෙමින් ඉහල තනතුරු බලාපොරොත්තුව සිටි පිරිසකි. ප්‍රසිද්දියේ නායකත්වය විවේචනය කල පිරිසට හෝ නායකත්වය සමග රැදෙමින් ඉහල තනතුරු බලාපොරොත්තුව සිටි පිරිස අතර වෙනසක් නොමැත.
පක්ෂය විනාශවීමට කණ්ඩායම් දෙකක් නිසා සිදුවිය පළමු කණඩායම බලයෙන් පක්ෂයේ තනතුරු ලබාගැනීමේ උත්සාහයක දී සිටි අතර දෙවන කණඩායම නායකත්වය සමග රැදෙමින් ඉහල තනතුරු බලාපොරොත්තුව සිටි පිරිසකි. ප්‍රසිද්දියේ නායකත්වය විවේචනය කල පිරිසට හෝ නායකත්වය සමග රැදෙමින් ඉහල තනතුරු බලාපොරොත්තුව සිටි පිරිස අතර වෙනසක් නොමැත.
දවල් හින දැක දැක ඉනන
ඔය විදිහටම නේද පාර්ලිමේන්තුවේ බලේ අල්ලලා විධායක අගමැති වෙන්න උන්නෙත්..? කොහෙද මේ යක්කු ව්‍යවස්ථාව ආයෙත් කණපිට හැරෙව්වනේ..!!!