
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආණ්ඩුව වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම විපක්ෂයට දරා දරාගන්නට බැරි බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ යූ.පී.අබේවික්‍රම මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුට්ටිය බිඳගෙන නාගන්නවා කියලා කතාවක් අපි අහලා තියෙනවා. වතු කම්කරු ප්‍රජාවගේ ප්‍රශ්නය පිළිබඳව අප බලයට පැමිණි දා සිටම අවධානය යොමු කළා.වතු හාම්පුතුන් සමඟ සාකච්ඡා කර ඉතා විධිමත් චෝදනාවකට අනුව අප මේ වැටුප් වැඩිවීම කර තියෙනවා.මේ කාරණය විපක්ෂයට දරාගන්න බැරි වුණා.
අප බලයට පත්වුණේ පරණ ආණ්ඩු කරගෙන ගිය කෙරුවාව එහෙමම කරගෙන යන්න නොවේ.අප ජනතාවට පැහැදිලි පොරොන්දුවක් දී තිබෙනවා.යල් පැනගිය දේශපාලන පක්ෂ විසින් අගාදයට ඇද දැමූ රට වෙනස් මාවතකට ගෙන යනවා යැයි අප පොරොන්දුවක් දී තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතු කම්කරුවන් ට සලකන එකට කිසිවෙක් අකැමැති නැහැ. නමුත් ජනතාවගේ බදු සල්ලි වලින් පෞද්ගලික අංශයේ සේවකයන්ට දීමනාවක් දෙන එකයි ගැටලුව. එදා ජේ. ආර්. අලියාට ඡන්දේ දාන්න කියලා ඉන්දියාවට යවන්න හිටි අයට පුරවැසි භාවය දුන්නා වගේ තමයි.
මේ ප්‍රශ්නේ දිහා පුළුල්ව බලන්න ඕනේ..., රජය මේ වියදම් කරන්නේ ඔවුන්ගේ පක්ෂේ මුදල් නොව බදු ගෙවන පුරවැසියන් වන අපේ මුදල්, මෙතැන විපක්ෂය මතු කරන තර්කය පුද්ගලික අංශයේ සේවය කරන එක්තරා කම්කරුවන් කොටසකට දිර්ගකලිනවා යම් කිසි වේතනයක් හෝ දීමනාවක් රජයේ මුදලින් ගෙවනවා නම් පුද්ගලික අංශයේ අනෙක් ඇගලුම්, කම්හල්, පුද්ගලික අංශයේ කසල ශෝධකයින්, වැනි අයටත් මේවා මේවා ලබාදෙන්න කියලා ඔවුන්ට බල කරන්න උද්ගෝෂණ වැඩ වර්ජන කරන්න සාධාරණ අයිතියක් තිබෙනවා.. රජය මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කරගෙන, වතු කම්කරුවන්ගේ චන්ද ටික කඩා ගැනීමේ උත්සහයක් යෙදෙන බව පෙනෙනවා.. පරණ අන්ඩුත් ඡන්ද ගැනීම සදහා මෙවැනි තීරණ ගැනීම නිසා රට විශාල ආර්ථික අගාධයකට වැටුණා.
තමන්ගේ බිස්නස්කාර ගජයින්ට සලකන්න නීතිවිරෝධී යෝජනා ගෙනැල්ලා වතු කම්කරුවන් අසරණ කරලා. ඇත්ත දැනගත්තාම වතු කම්කරුවෝ එක මිටට ආණ්ඩුවට පස්ස පැත්ත පෙන්වයි...
ජෙප්පන් එදා ඉදලා කළේ දෙපැත්ත කොටවන එක.