(රංජිත් රාජපක්ෂ)
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු. 900 ක් සහ දීමනාවක් වශයෙන් රු.100 ක් ලබාදිය යුතු බවට වැටුප් පරිපාලක සභාව අද (08) තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසීය.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යංශයේදී කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් වතු වෘත්තිය සමිති සහ වතු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
එහිදී වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු. 565 ක් දක්වා ඉහළ දැමීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර වතු වෘත්තිය සමිති සහ රජය මගින් වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 900 ක් සහ දීමනා වශයෙන් රු 100 ක දීමනාවක් ගෙවිය යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනා සම්බන්ධයෙන් වැටුප් පරිපාලක සභාවේ පැවති ඡන්දනයෙන් වතු කම්කරුවෙකුට දිනකට රුපියල් 1000ක් ගෙවිය යුතු බවට ගෙනා යෝජනාවට ඡන්ද 11 ක්ද, වතු සමාගම් ගෙනා යෝජනාවට ඡන්ද 8 ක් ලැබුණු බව මන්ත්‍රීවරයා කියාසිටියේය.
වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකුට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවිය යුතු බවට ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වු නිසා එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක වැටුපක් ගෙවිය යුතු වන බව මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
එම සාකච්ඡාවලින් අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා හමු වී වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කළ බවද මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා...!!! තේ වලින් එන්නේ ඩොලර්. එහෙම තැන්වල වැඩිපුරම මැරෙන මිනිස්සුන්ට ලැබෙන්නේ හුළං... ඩොලර් වලින් ඩීල් කරන එවුන් රුපියල් 1000ක තියන වටිනාකම නොදන්න බව පුදුමයක් නොවේ. දේශපාලකයින් විතරක් නොවේ. වතු හිමිකරුවනුත් ලැජ්ජා විය යුතුයි. මේ අසරණ මිනිස්සුන්ට මෙච්චර කල් මෙහෙම සැලකීම සම්බන්ධව...
ගව ඝාතනය තහනම් කිරීමට හැම කමිටුවම තීරණය කරලා බොහෝකල් බව නම් මතකයි.
මේ දහදිය හෙළන මිනිසුන්ගේ වැටුප වැඩිවීම ගැන සතුටුයි. ඒත්, මෙතන ප්‍රශ්නය තියෙන්නේ වෙනත් තැනකයි. මේ අහිංසක මිනිසුන්ගේ දහදිය කඳුළු හා ඔවුන්ගේ අඩු දැනීම උපයෝගී කරගෙන බලය ලබාගන්නා හා ඔවුන්ව තමන්ගේ පටු වුවමනාවන් වෙනුවෙන් දක්කන්නා වූ ද්‍රවිඩ නායකයන් සටන පටන්ගන්නා තෙක් රජය මේ අසරණයින්ගේ ප්‍රශ්න ගැන සොයා නොබැලීමයි. මොවුන් ගැන සැබෑ අනුකම්පාවෙන් සොයාබලා කලට වේලාවට ඔවුන්ගේ ගැටළු විසඳන්නේ නම්, ඔවුන්ව සටන් හා පෙළපාලි සඳහා පෙළගැස්වීමට ජාතිවාදී නායකයන්ට නොහැකිවනු ඇත. සිදුවිය යුත්තේ එයයි.
ස්තුතියි රජයට සහ වෙහෙස වූ සැමට. ඒත් අද රු.1000ත් මදි ජීවත් වෙන්න. වැඩ කරන මිනිහෙකුට රු.1500ක් වත් ගෙවන්න ආදායම් නැත්නම් ඔය වතු ව්‍යාපාරය අසාර්ථකයි.
පවතින පිරිවැය සහ අවුරුද්ද මුලුල්ලේ ඒකාකාරි තේ නිෂ්පාදනයක් නොමැති බැවින් ද තේ මිල ස්ථාවර නොවන නිසාද බොහෝ කුඩා තේවතු හිමියන් පිරිවැය දරාගත නොහැකිව තේ වගාවෙන් ඉවත් වෙනු ඇත...