(බිඟුන් මේනක ගමගේ)
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතාට තනතුරෙන් ඉවත්වන්නැයි තමා බලපෑම් කළ බවට නගන චෝදනා මුළුමණින්ම ප්‍රතික්ෂේප කරන බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන ඇමැති දයා ගමගේ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් සිටි සමන් උඩවත්ත මහතා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ තනතුරට පත්කළේ කැබිනට් අනුමැතියක් අනුව යැයි ද ඔහුට තනතුර දැරීම සඳහා කැබිනට්ටුවෙන් අවසර ලද කාලය මේ වනවිට ඉක්ම ගොස් ඇතැයි ද ඇමැති ගමගේ මහතා පැවසීය.
ඒ ගැන තමා ඔහුට දැනුම් දුන් නමුත් උඩවත්ත මහතා එම කරුණු හිතාමතාම සඟවා තමා බලපෑම් කළ බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇතැයි ඇමැතිවරයා චෝදනා කළේය.
ඇමැති දයා ගමගේ මහතා මේ බව සඳහන් කළේ වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති නම් එය වහාම නතර කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරියට මැතිවරණ කොමිසම නියෝග කළ බවට ‘ලංකාදීප‘ වාර්තා කළ පුවත ගැන ප්‍රතිචාර දක්වමිනි.
ඒ අනුව තමාත් අමාත්‍යංශ ලේකම් අශෝකා අලවත්ත මහත්මියත් මැතිවරණ කොමිසමට අදාළ සිදුවීම ගැන වෙන වෙනම ලිඛිතව කරුණු පැහැදිලි කළේ යැයි ද ඇමැති දයා ගමගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයා ගමගේ කියන ඒවානම් විශ්වාස කරන්න බෑ. යහපාලනයෙන් මත්තල වී ගබඩා කරන්න තීරණය කරලා අන්තිමට ලෙඩේ වැටුණාම රාජ්‍ය නිලධාරීන්ට වගකීම දාපු කෙනානේ මෙයා...
බලපෑම් කළා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්... නමුත් අපේ අත්දැකීම නම් මේ රටේ කිසිම ඇමතියෙක් කිසිම දවසක වගකීමක් නම් ගන්නේ නැතිබවයි. අනික එහෙම බොරු කියලා මැතිවරණ කොමිසම රවටන්න තරම් මෝඩයෙක් ඉඳීද කියලා හිතාගන්න බැරිකමයි.
ඔය තනතුර කැබිනෙට් එකෙන් පත්කරපු එකක්නේ... දයා ගමගේ ඇමැතිතුමා තමයි මේ පත්වීම කරන්නේ... ඇමතිතුමා රැවටුන මේ මිනිහට මෙය වැඩක් කරන්න දන්නා කෙනෙක් නෙවෙයි. හැබැයි ඇමතිලා අන්දන්න හපන්.. වැඩේ කියන්නේ ටික දවසකින් බොරු කියලා දැනගන්නවා.
පිරුවට ඇඳගෙන ඕනෑම දහජරා වැඩක් කරලා කාගේ හරි පිටට දන්නා දක්ෂ උන්නැහේ කෙනෙක්....
මේ අය කව්ද බන් වැරදි කලේ... මිනිස්සුනේ වරද කරලා තියෙන්නේ...