(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රැදවුම් නියෝග මත ප්‍රශ්න කරන අපරාධ අපරාධ කල්ලි සාමාජිකාවකගෙන් අනාවරණ වූ තොරතුරු අනුව සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුටඅයත් රුසියාවේ නිෂ්පාදිත "බ්රෙනෙකි ‘ ලෙස සඳහන් ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක් ජිව උණ්ඩයක් හා විවිධ අපරාධ සඳහා යොදාගත් වාහන අංක තහඩු තොගයක් සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන්කරයි.
ඊට අමතරව අයිස් මත්ද්‍රවය මිලිගෑම් 10,260 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මීට දින කීපයකට ඉහතදී අයිස් මත්ද්රව් සමඟ රත්මලාන ජයසුමනාරාම පාර නිවසකදී මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සංවිධානාත්මක අපරාධ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකාව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd