(රංජිත් රාජපක්ෂ)
රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයෙන් ලබාදෙන සහන මල්ල ලබා ගැනීමට අද (01) පැමිණි විශාල පිරිසක් පැය 8 ක කාලයක් බගවන්තලාව ග්‍රාමසේවා කාර්යාලය ඉදිරිපිට රැඳීසිට ආපසු හිස් අතින් පිටව ගොස් තිබේ.
වැඩිහිටි දිමනාව අද දිනයේ බගවන්තලාව තෙරේසියා වත්ත ග්‍රාමසේවා කාර්යාලයේදී ලබාදෙන බව පවසා ඇති බවත් උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා ග්‍රාමසේවා කාර්යාල ඉදිරිපිට රැඳී සිටියත් එම මුදල ලබාදීමට ග්‍රාමසේවකවරයා නොපැමිණි බවත් වැඩිහිටි දිමනාව ලබා ගැනීමට පැමිණි පිරිස පැවසූහ.
නොර්වුඩ් සමෘද්ධි කාර්යයාලය මගින් තමන්ට වියළි සලාක මල්ලක් සහ මුදල් ලබාදෙන බවට පොරොන්දු වූවත් එම නිලධාරීන්ද අද දින තම වසමට නොපැමිණි බව බගවන්තලාව තෙරේසියා වත්ත වසමේ සමෘද්ධි ලාභීහු චෝදනා කළහ.
වැඩිහිටියන් සහ සමෘද්ධි ලාභීන් විශාල පිරිසක් එක් රැස් වී සිටිම නිසා එම ස්ථානයට පැමිණි බගවන්තලාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම පිරිසට එම ස්ථානයෙන් විසිර යන ලෙස කළ ඉල්ලිමක් මත පිරිස ආපසු නිවෙස් කරා පිටවගියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුකරයේ සිටින අහිංසක ජනතාව තමන්ට වැඩිපුර හෝ වෙනමම සලකන්න කියල කවදාකවත් කියන්නේ නෑ . ඒ මිනිස්සු ගැන ඒ දේශපාලන නියෝජිතයෝ හොයන්නෙත් නෑ . එදාවේල හොයාගන්න දුක්විඳලා දුක්විඳලා ඔය මිනිස්සු අන්තිමට මැරිලා යනවා. අන්තිම කාලෙත් කරන්නේ එදාවේල හොයාගන්න එක. ග්‍රාමසේවක මහත්තයටත් සාදාරණ හේතු ඇති. හැබැයි මොනවා හරි කරලා අර අහිංසක මිනිස්සුන්ට ලබාදෙන්න පුළුවන් උපරිමය කරනවා නම් හොඳයි. අපි පරිගණකය ඉස්සරහ ඉඳන් මේවා කිව්වට ප්‍රාදේශීය දේශපාලකයන් සැඟවී සිටිනවිට ජීවිත අවධානම අරන් ග්‍රාමසේවක මහත්වරු , පොලිසියේ මහත්වරු , මහජන සෞඛ්‍යය පරීක්ෂක මහත්වරුන්ට කරන රාජකාරිය වෙනුවෙන් වෙන වෙන සම්මාන සහ ගරුබුහුමන් කලයුතු වෙනවා.
පන්සල් වලින්, ආයතන වලින් මුදලින් ආදාර කරනවා දුප්පත් ජනතාවට. 225 මඩේ එරිලද මේවා පෙන්නේ නැත්ද ජනතාව කන්න නැතිව දුක් විදිනවා කට්ටියම වටවෙලා මිලියන ගණනින් හොර කාවේ ජනතාවගේ මුදල්. කෝ රජ්ජුරුවෝ සොහොන් හැදුව මිලියන හතරකින් මේවා ජනතා මුදල්. දැන් ජනතාවට. කන්න. බොන්න නැහැ බෙහෙත් නැහැ දැක්කේ නෑ වගේ ඉන්නවා රණවිරුවන් ඉන්න නිසා අද ජනතාව ජිවත් වෙන්නේ. පිංගුත්තර නඩේ. මැරෙන්න බයේ හැංගිලා මුන් ටික පෝලිමට එන්නේ නැත්තේ ගෙදරටම කෑම බඩු එන නිසානේ.... නුඹලා එකෙක් හරි මැරෙන්න ඕන මේ ලෙඩෙන් ජනතාවට දුන්න ගින්දරවලට...
දේසපාලුවන්ගේ ඔක්කොම කෙරුවාවල් කටින්. මුන්ට චන්දෙ ගන්න විතරයි... ජනතාව මතක් වෙන්නේ.... ජනතාව ගසාකාපු ලේ මාපිල්ලු.
අහිංසක මිනිස්සුන් රවටන රජය ගෙදර යවන්න ඔනෑ... මොවුන්ට කිසිම වැඩ පිළිවෙලක් නැහැ...