(සුජිත් හේවාජුලිගේ)
මන්නාරම වෙඩිතලතිව් අභයභූමිය ඇතුළත් හෙක්ටයාර 1491 ක පමණ භූමිභාගයක ඉදිකිරීමට යෝජනාවී තිබූ ජල ජීවී වගා කර්මාන්තපුරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති සැලසුම් නිෂ්පාදන සැලසුම් උපදේශන සේවා හා මිනුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන සංවර්ධන අධිකාරිය 2020 වර්ෂයේදී වැය කර තිබූ රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් නාස්තිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
නාරා ආයතනයේ පරිසර වාර්තාවට අනුව විශේෂඥයින් කමිටුවක් ව්‍යාපෘති සැලසුම ප්‍රතික්ෂේප කර හෙක්ටයාර 165 ක් පමණක් ඒ සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
විධිමත් අධීක්ෂණයකින් තොරව ස්වාභාවික රක්ෂිත කලාපයක් තුළ හෙක්ටයාර 1491 ක භූමිභාගයක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බව විගණන අංශ පවසයි.
මේ අතර වැලිකන්ද අභිජනනාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2020 සැප්තැම්බර් 15 සිට අත්හිටුවා තිබීම හේතුවෙන් ඒ සඳහා වැය කර තිබූ රුපියල් කෝටි 16 ක පමණ මුදලක් නාස්තිවී යෑමේ අවදානමක් පැනනැගී තිබූ බව විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ 2017 වර්ෂයේ මැයි 25 වැනිදාය.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩිතලතිව් ජලජීවී වගාවේ කෝටි දෙකක් වතුරේ යයි