IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වෙඩික්කරුගේ උත්සාහය තෙවරක් අසාර්ථකයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) 

කොස්වාඩිය ප්‍රදේශයේ පදිංචි අයකුටඉතාලි බලා යෑමට නියමිතව  සිටි දිනට පෙර දින රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පිස්තෝලයකින්  වෙඩි දෙකක්  තබා ඇතත් ඒ අවස්ථා දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා  ඔහුගේ ජීවිතය අනූ නවයෙන් බේරී ඇතැයි මාරවිල මූලස්ථාන පොලීසිය පවසයි .

ඔහු වසර 19ක කාලයක් තිස්සේ ඉතාලියේ රැකියාවක නිරතව සිටින අයෙක්  යයිද  පොලිසිය සඳහන් කරයි .

තුන්වෙනි අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක කළ අවස්ථාවේ  නිකුත් වූ වෙඩි උණ්ඩය අසල්වැසි නිවසක සිටි කාන්තාවකගේ හිස ළඟින්ම  ගොස් බිත්තියේ  වැද  ඇතැයි මාරවිල පොලීසියේ   නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ ( 2 )  රාත්‍රි 7ට  පමණ නිවස ඉදිරිපිටට පැමිණ ඉතාලි යෑමට සිටි පුද්ගලයාගේ නම කියා කථා කර හොඳට සැප ගන්නවා නේද කියා විමසා ඇතැයි පොලිසිය කියයි .

මිතුරන් දෙදෙනෙකු පැමිණ ඇතැයි කියා සිතූ ඔහු මචං උඹලා කවුද මට එකපාරටම හඳුනාගන්න බැහැ යැයි කියා විමසමින්  යතුරුපැදිය ආසන්නයට පැමිණ ඇත .

යතුරු  පැදිය පිටුපස අසුනේ වාඩිවී සිටි පුද්ගලයා  එකවරම පිස්තෝල අවියකට සමාන ගිනි අවියක්  ඔහු ගේ පපු ප්‍රදේශය ආසන්නයට ම එල්ල කර කොකා ගස්සා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බව මාරවිල මූලස්ථාන පොලීසිය පවසයි

මෙයින් බියට පත් වූ ඔහු පලා යනවාත්  සමඟම  නාදුනනතුවක්කුකරු යළිත් ගිනි අවියේ කොකා ගස්ස ඇතත් ඒ අවස්ථාවේ ද  ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බව එම පොලිස් නිලධාරියා කීය

තුන්වැනි වරට ගිනි අවියේ කොකා ගැස්සූ අවස්ථාවේ අවිය ක්‍රියාත්මක වී නිකුත් වූ  උන්ඩ ය අසල්වැසි නිවසක සිටි කාන්තාවගේ හිස  අසලින්ම ගොස් බිත්තියේ වැද  ඇති බව පොලිසිය කියයි 

අසල තිබූ පොල්වත්තකට පැන සැඟවී සිටි මොහු සැහෙන වෙලාවක්  එහි ගත කර පසුව මේ ගැනපොලීසියට දැනුම් දී ඇත.

වෙඩි තැබීම සිදුවෙන  අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද නිවස තුළ සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වාසනාවකට ජීවිතය අනූ නවයෙන් බේරාගත්මොහු  අද( 3 ) අලුයම ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත 

 ඉතාලිය බලා යෑමට ප්‍රථම සිද්ධියට අදාළව මොහු  පොලීසියට ප්‍රකාශයක් ද ලබාදී තිබේ.

දන්නා තරමින් තමාට තරහකරුවන්   නොමැති බවද එවැන්නක් කළේ කුමන අරමුණකින් ද යන්න නොදන්නා බවත් ඔහු පොලිසියට පවසා ඇතැයි  පැවසේ.

වසර 19 ක පමණ කාලයක් සිට ඉතාලියේ රැකියාවක නිරතව සිටින මොහුවරින් වර බිරිඳ සහ දරුවන් බලා නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණ යන අයෙකි 

සුපුරුදු පරිදි මොහු මීට මාසයකට පමණ ඉහතදී මෙරටට පැමිණ යළි ඉතාලියේ බලා යෑමට සූදානම්ව සිටියදී ඊට පෙර දිනයේ මෙම සිද්ධියට මුහුණ පා ඇත .

 



අදහස් (5)

වෙඩික්කරුගේ උත්සාහය තෙවරක් අසාර්ථකයි

Bunny Preena Monday, 03 April 2023 12:50 PM

සුවකළ නොහැකි රෝගයකින් පෙළෙන කවුරුහරි එහෙමත් ...‘‘ උඩින් මිතුරු ... යටින් හතුරු‘‘ කෙනෙකු සෙට් කරපු වැඩක්වත්ද?

:       0       13

යෝගා Monday, 03 April 2023 01:24 PM

ඒ අයට ඕනෑ ඔයා සැරෙන් සැරේ ගෙදර එනඑක නවත්තන්න. තේරෙන්නේ නැද්ද?

:       2       19

kamal Monday, 03 April 2023 01:32 PM

වහාම කාටවත් නොකියා හොර රහසේම වෙනත් පළාතකට පිටවී යාම හොඳ නැත්ද? ගිය පළාතේ ඉතාලි කතා නොකර ඉඳීමත් හොඳයි...

:       1       7

කසුන් Monday, 03 April 2023 02:07 PM

එයාව දාලා හෙණරාජ තෛලයේ ඇඩ් එකක් හදමු...

:       0       6

නිරෝෂන් Monday, 03 April 2023 03:50 PM

දැන් මිනිස්සු තවත් මිනිහෙක් කාලබීලා ඉන්නවා බලාගෙන ඉන්න බැරි ඉරිසියා කාරයෙක්ගේ වැඩක් වෙන්න පුළුවන්...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site