
(දයාරත්න ඇඹෝගම)
හිසට වෙඩි වැදිමකින් බරපතල තුවාල ලබා දඹුළුහල්මිල්ලෑව වැව් පිටියේ වැටී සිටින වයස අවුරුදු තිහක් පමණ වයසැති වන අලියකු දින හමුවූ බව ආඬියාගල වනජීවි කාර්යාලය පවසයි.
ප්‍රදේශවාසීහු විසින් ගිරානේගම පොලිසියටත් ආඬියාගල වනජීවි කාර්යාලයටත් සිදු කළ දැණුම්දිම මත මෙම වන අලියා දඹුළුහල්මිල්ලෑව වැව් පිටියේදී සොයා ගෙන තිබුණි.
කිසියම් පුද්ගලයකු මෙම වන අලියාට වෙඩි තබන්නට ඇතැයි වනජීවි නිලධාරිහු සැකපල කරති. වන අලියාට ප්‍රතිකාර කිරිම මේවන විට ආරම්භ කර ඇති බවත් වනජීවි නිලධාරිහු පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd