(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (4) දැනුම් දුන්නේය.

මේ අනුව එම පනත් කෙටුම්පත  ඊට සහතිකය සටහන් කළ මොහොතේ සිට බලාත්මක වනු ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරිය ( සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවිය.

නියමිත පාලන මිල ගණන්වලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නියම කළ හැකි දඩ මුදල් වැඩි කිරීම  මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.